Home විදෙස් පුවත් එන්නත් නොගත් අයට එරෙහිව ග්‍රීසිය ගත් දැඩි තීරණය.

එන්නත් නොගත් අයට එරෙහිව ග්‍රීසිය ගත් දැඩි තීරණය.

by Hela news

යුරෝපයේ සමහර රටවල් වල මේ වන විට කොවිඩ් වෛරසය නැවතත් හිස ඔසවමින් තිබෙන බව වාර්තා විය.

යළි කොවිඩ් ව්‍යාප්තවීම හේතුවෙන් ලබන සඳුදා සිට දින 20ක් රට මුළුමනින්ම වසාදැමීමට ඔස්ට්‍රියාව තීරණය කර තිබේ.

එසේම කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් පිරිසට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගැනීමට ද එරට තීරණය කර ඇති බව වාර්තා වුණි.

මේ අතර කලාපයේ සෙසු රටවල් අනුව යමින් එන්නත් ලබානොගත් පිරිස් හුදකලා කිරීමට ග්‍රීසිය තීරණය කර තිබේ. 

ග්‍රීක අගමැතිවරයා නිවේදනය කළේ, ලබන සතියේ සිට, එන්නත් ලබානොගත් පිරිසට සිනමාහල්, අවන්හල් සහ කායවර්ධන මධ්‍යස්ථාන වෙත ඇතුළුවීමට තහනම් කරන බවය.

වසංගත ව්‍යාප්තිය පාලනය සඳහා එන්නත් ලබානොගත් පිරිසට දැඩි සමාජ සීමා පැනවීමට ජර්මනිය තීරණය කර තිබේ.

ගෙවුණු දිනයේදී වැඩිම ආසාදිතයින් වාර්තාවූ යුරෝපා රාජ්‍යය ජර්මනිය වේ.

එරටින් ඊයේ වාර්තාවූ ආසාදිතයින් ගණන 65,000කට ආසන්නය.

0 comment
0

Related Posts

Leave a Comment