එන්නත් ජාතිකවාදය නිසා බැටකන දුප්පත් රටවල්

0
72

මේ වනවිට වඩාත් භයානක වේගයකින් තරුණ ප්‍රජාව අතර කොවිඩ් වසංගතය පැතිරයමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩිනම් ගේබ්‍රියාසෙස් අවධාරණය කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දී ඇත්තේ නව කොවිඩ් කාරක ප්‍රභේදවල ගොදුරු බවට පත්වන බහුතරය අවුරුදු 25ත් 59ත් අතර වයස්වල පසුවන්නන් බවය.

මේ අතර ධනවත් රටවල් ක්‍රියාවට නංවන “එන්නත් ජාතිකවාදය” අතිශය සදාචාර විරෝධී බව වීඩියෝ තාක්ෂණය ඔස්සේ එම මාධ්‍ය හමුවට එක්වූ පරිසර ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග් ද පැවසීය.

ධනවත් රටවල සෑම වැඩිහිටියන් සිව්දෙනෙකුගෙන් එක් අයෙක්ම කොවිඩ් එන්නත් ලබාගනිද්දී, දිළිඳු රටවල පුද්ගලයින් 500කින් එක් අයෙකුට පමණක් එන්නත් හිමිවී ඇති බව ඇය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය සම්පත් සාධාරණ ආකාරයෙන් බෙදී ගියහොත් මාස කිහිපයක් තුළ කොවිඩ් -19 වසංගතය මුළුමනින්ම පාලනය කළ හැකි වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here