එන්නත්කරණය සාර්ථක බවට තහවුරුයි – ඊශ්‍රායලය සංචරණ සීමා ලිහිල් කරයි

0
131

ෆයිසර් කොවිඩ් එන්නත් හේතුවෙන් රෝහල්ගත්වීම් සහ මරණ අඩුව ඇති බවට ගවේෂණයකින් තහවුරුවීමෙන් අනතුරුව තම රට තුළ සංචරණ සීමා ලිහිල් කිරීමට ඊශ්‍රායල බලධාරීන් තීරණය කර තිබේ.

ෆයිසර් එන්නත 95.8%ක් සාර්ථක බව එම ගවේෂණයෙන් තහවුරු වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව අද සිට එරට කඩ සාප්පු, පුස්තකාල සහ කෞතුකාගාර විවෘත කිරීමට අවසර දී ඇති අතර සමාජ දුරස්ථභාවය සහ මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වේ.

ඊශ්‍රායලය ලොව මෙතෙක් ඉහළම එන්නත්කරණ වේගයක් වාර්තා කර ඇති රට වෙයි. එහි ජනගහණයෙන් 49%කට එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාදී ඇත.

කොවිඩ් වෛරසය යළි පැතිරීම හේතුවෙන් පසුගිය දෙසැම්බර් 27 වනදා සිට තෙවැනි වරටත් වසා දැමිණි.

රට තුළ සංචරණ සීමා ලිහිල් කළ ද එරට ගුවන්තොටුපොළ තවත් සති දෙකක් වසා තැබීමට බලධාරීන් තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here