Home උණුසුම් පුවත් එන්නත්කරණය සම්පූර්ණ කළ ප්‍රතිශතය ඉහළ ට

එන්නත්කරණය සම්පූර්ණ කළ ප්‍රතිශතය ඉහළ ට

by Hela news

මෙරට වයස අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් සියයට 85ක් මේ වන විට කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කර තිබේ.

පූර්ණ එන්නත්කරණයට ලක් වූ පිරිස සමස්ත ජනගහනයෙන් සියයට 57.5ක් බව වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙයි.

වයස අවුරුදු 20ට වැඩි ජනගහනයෙන් සියයට 99ක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගෙන ඇති අතර සමස්ත ජනගහනය සලකා බැලීමේදී එය සියයට 67.2ක ප්‍රතිශතයක් වේ.

මේ අතර ගත වූ දිනයේ ද පුද්ගලයින් 69,902 දෙනෙකු සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සිදුකර ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment