Home ගොසිප් පුවත් එතුමා නැත

එතුමා නැත

by Hela news

උඩරටට අයිති සීතල වෙලක් තිබෙන දිස්ත්‍රික්කයක් නියෝජනේ කරන දියවන්නාවට පත්වුණු රාජ්‍ය මට්ටමේ ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවා…

අතෙන් පටන් අරන් පොහොට්ටුවට සම්ප්‍රාප්ත වුණු අපි කියන කටකාර ඇමැති සයිස් උන්නැහේ මේ දවස්වල වහං වෙලාලු ඉන්නෙ..

තමන්ගෙ ආසනේ ගම් පළාත්වල තියෙන උත්සව අරව මේවගෙ ආරාධනා එහෙමත් බාරගන්නෙ නැහැ කියලයි ආරංචි.. විශේෂයෙන් හැන්දෑවෙ තිබෙන මංගල උත්සවේකට වුණත් එයා යන්නෙ නැතිලු…

පසුගිය දවස්වල ඒ පළාතෙ පාලමක් උඩදි අකරතැබ්බයකටත් මුහුණ දුන්න මුන්නැහේ මේ විදියට පළාතෙ උත්සව මහජන හමුවීම් මහඇරල ඉන්නෙ මොකද කියල ළඟදි කස්ටියක් හොයල බැලුවා…

එතකොට තමයි ඇත්ත කතාව එළියට ආවෙ…

ඔය සීතල පළාතෙ වැඩිපුරම ඉන්නෙ ගොවිතැනින් ජීවත් වන උදවිය.. මේ දවස්වල ඒ ගොයි මහත්තුරු පරලවෙලා ඉන්නෙ පොහොර ටික ගන්න නැතුවයි..

ඉතින් ඒ මිනිස්සුන්ට ආණ්ඩුවෙ මැති ඇමැති කෙනෙක් දැක්කම මල පනිනවා.. මුහුණටම දෙමව්පියො මතක් කරලා බණිනවා…

ඉතින් මේ හින්ද ප්‍රසිද්ධියේ බැණුම් අහලා ලැජ්ජ වෙන්න සිද්ධවෙන හින්ද මුන්නැහේ නිතරම ගෙදර (නැත) බෝඩ් එක එල්ලගෙනලු ඉන්නෙ…

0 comment
0

Related Posts

Leave a Comment