Home ක්‍රීඩා පුවත් එකින් එක බිඳ වැටෙන මාලිංගගේ විස්සයි20 වාර්තා

එකින් එක බිඳ වැටෙන මාලිංගගේ විස්සයි20 වාර්තා

by Hela news

2021 විස්සයි20 ‍ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය පසුගියදා නිමාවට පත් වූයේ තවත් රටවල් 4කට ලෝක කුසලානය වෙනුවෙන් සටන් වැදීමට මංපෙත් විවර කරමිනි. පසුගිය සමයේ ජාත්‍යන්තර විස්සයි20 පිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම අසමත් වීම නිසා සුදුසුකම් ලැබීමේ වටයට සහභාගී වීමට ශ්‍රී ලංකාවටද සිදු විය. එහිදී සහභාගී වූ තරග 3ම විිශිෂ්ට ලෙස ජයගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයෝ ලෝක කුසලානයේ සුපිරි 12 වටය සඳහා සුදුසුකම් සපුරා ගත්හ.

‍නිමාව දුටු සුදුසුකම් ලැබීමේ තරග වටය අතරතුරදී ලෝක වාර් තා කිහිපයක්ම බිඳ වැටුණු අතර ඒ අතරින් වාර් තා කිහිපයකටම ශ්‍රී ලංකා කණ්ඩායමද හිමි කීවේය. එපමණක් නොව ශ්‍රී ලංකාව විසින් පිහිටුවා තිබූ වාර් තා කිහිපයකම අයිතිය වෙනත් කණ්ඩායම් විසින් උදුරා ගැනීමද කැපී පෙනුණි. නොබෝදා ජගත් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංග විසින් පිහිටුවා තිබූ වාර් තා 2ක්ම බිඳ වැටුණු ශ්‍රී ලාංකික වාර් තා අතර විය.

විස්සයි20 පිටියේ වැඩිම කඩුලු

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය ආරම්භ වන තෙක්ම විස්සයි20 පිටියේ වැඩිම කඩුලු දවාගත් ක්‍රීඩකයාට හිමි ගෞරවය හිමිව තිබුණේ ලසිත් මාලිංගටය. ඔහු වසර 14ක් පුරාවට විස්සයි20 ජාත්‍යන්තර තරග 84කට ක්‍රීඩා කරමින් කඩුලු 107ක් බිඳ හෙළන්නට සමත්ව තිබුණි.විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන විට විස්සයි20 කඩුලු ලැයිස්තුවේ දෙවැනි තැන පසුවූයේ බංග්ලාදේශ සුපිරි දඟ පන්දු යවන්නෙක් වන ෂකීබ් අල් හසන්ය. හෙතෙම ඒ වන විට තරග 80කට සහභාගී වෙමින් දවාගෙන තිබුණු කඩුලු ගණන 106ක් විය. නමුත් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය ක්‍රීඩා කළ පළමු තරගයේදී ස්කොට්ලන්තයට එරෙහිව පන්දු යැවූ ශකීබ් එහිදී, මාලිංග‍ේ වාර් තාව අභිබවා යන්නට සමත් විය. ඔහු එහිදී කඩුලු 2ක් දවා ගන්නා ලදී. එහිදී රිචී බෙරින්ටන්ගේ කඩුල්ල දවා ගත් ශකීබ් මාලිංග හා සම වන්නට සමත් වූ අතර මයිකල් ලීස්ක්ගේ කඩුල්ල දවා ගැනී‍මෙන් අනතුරුව මාලිංගව අභිබවා ගියේය. මේ වන විටත් ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩා කරන ශකීබ් ජාත්‍යන්තර විස්සයි20 කඩුලු 117ක් දවාගෙන තිබේ.

විස්සයි20 ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ මාලිංග සතු ව පැවති වැඩිම කඩුලු වාර්තාව අභිබවා යන්නට ෂකීබ් අල් හසන් පසුගියදා සමත් විය. මාලිංග කඩුලු 37ක් ලබාගෙන එම වාර්තාවට හිමිකම් කියා තිබුණි. පකිස්තානයේ ෂහීඩ් අෆ්රීඩිද කඩුලු 37ක් දවාගෙන මාලිංග හා සම තත්ත්වයේ පසු වුණු අතර පසුගියදා ශකීබ් කඩුලු 39ක් සපුරාගෙන ඔවුන්ගේ වාර්තාව අභිබවා ගියේය.

පිට පිට දැවුණු කඩුලු හතර

ජාත්‍යන්තර විස්සයි20 පිටියේ සහ ජාත්‍යන්තර එක්දින තරග බිමේ පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් බිඳ හෙළුෑ ලොව එකම පන්දු යවන්නා වන්නේ ලසිත් මාංලිගය. නමුත් පසුගියදා නිමාවට පත් වුණු විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙහි සුදුසුකම් ලැබීමේ වටයේදී එහි විස්සයි20 ලෝක වාර් තාවෙහි මාලිංග හා සමවන්නට අයර් ලන්තයේ කර් ටිස් කැම්පර් සමත් විය. ඒ අනුව මේ වන විට ජාත්‍යන්තර විස්සයි20 පිටියෙහි එම වාර් තාවට ක්‍රීඩකයන් තිදෙනෙක් හිමිකම් කියති. ඇෆ්ගනිස්ථානයේ සුපිරි දඟ පන්දු යවන්නෙක් වන රෂීඩ් ඛාන්ද 2019 වසරේ දී එම වාර් තාවට හිමිකම් කීවේය.

පසුගියදා කර් ටිස් කැම්පර් නෙදර් ලන්ත කණ්ඩායමට එරෙහිව මෙම දස්කම දැක්වූවේය. එහිදී ‍නෙදර් ලන්තයේ කොලීන් ඇක්රමාන්, රයන් ටෙන්, ස්කොට් එඩ්වඩ්ස්, රොයිලොෆ් වැන් ඩර් මෙරාවේ ගේ කඩුලු දවා ගැනීමට කැම්පර් සමත් විය. විස්සයි20 ලෝක කුසලාන තරගාවලියක් තුළ එම දස්කම පෑ පළමු ක්‍රීඩකයා වන්නේද කර් ටිස් කැම්පර් ය.

2019 වසරේ දී අයර් ලන්ත කණ්ඩායමට එරෙහිව පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවාගත් රෂීඩ් ඛාන්, ජාත්‍යන්තර විස්සයි20 පිටියේ එම දස්කම පෑ පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාසයට එක් විය. 2019 වසරේ දීම නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පිට පිට කඩුලු 4ක් දවා ගත් ෙමාලිංග විස්සයි20 පිටියේ එම දස්කම පෑ පළමු වේග පන්දු යවන්නා විය.

ලසිත් මාලිංග විසින් පිහිටුවා තිබූ තවත් විස්සයි20 තරග වාර් තාවක්, මාලිංග විශ්‍රාම ගෙන සතියක් ගෙවෙන්නටත් පෙර බිඳ වැටුණු අතර නැම්බියානු ක්‍රීඩක ඩේවිස් වීස් එම දස්කමට හිමිකම් කීවේය. ජාත්‍යන්තර විස්සයි20 තරග රටාවේ, තරගයකදී කඩුලු 5 සීමාවට ප්‍රවේශ වීමේ වාර ගණන අනුව, එහි වසර ගණනාවක් පළමු තැන රැඳී සිටි මාලිංගව දෙවැනි තැනට ඇද දමන්නට වීස් සමත් විය. මාලිංග විස්සයි20 තරග රටාවෙහි එම දස්කම 5 වතාවක් දක්වා ඇති අතර වීස් 6 වතාවක් එම දස්කම පාමින් මාලිංගව අභිබවන්නට සමත් විණි.

0 comment
0

Related Posts

Leave a Comment