Home විදෙස් පුවත් එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වූ බ්‍රසීල සෞඛ්‍ය ඇමතිට කොවිඩ්

එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වූ බ්‍රසීල සෞඛ්‍ය ඇමතිට කොවිඩ්

by Hela news

බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍ය මාර්සෙලෝ ක්වෙයිරෝගාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින අතරවාරයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍යවරයා ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමට පැය 19ක  පමණ කාලයකට පෙර එරට ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ ද හමු වී ඇති බව සඳහන් වේ.

කොවිඩ් -19 ආසාදනයට ලක්වූ බ්‍රසීල සෞඛ්‍ය අමාත්‍ය මාර්සෙලෝ ක්වෙයිරෝගා මේ වන විට නිරෝධායනයට යොමුව සිටින අතර සැසිවාරයට සහභාගී වී සිටින සෑම අවස්ථාවකම ඔහු මුහුණු ආවරණ පැළද සිටි බව වාර්තා වේ.

බ්‍රසීල ජනාධිපතිවරයා සමඟ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වන එරට නියෝජිත පිරිසෙන් කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුගත් දෙවෙනි පුද්ගලයා මාර්සෙලෝ ක්වෙයිරෝගා වන බව සඳහන්ය.

මීට පෙර මහා මණ්ඩල සැසිවාරය සඳහා පැමිණි බ්‍රසීල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ද කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනුණි.

0 comment
0

Related Posts

Leave a Comment