Home ක්‍රීඩා පුවත් එංගලන්තය යොවුන් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවේ

එංගලන්තය යොවුන් ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවේ

by Hela news

ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්දින ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීම සඳහා එංගලන්ත අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම පසුගියදා මෙරටට පැමිණියේය.

ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලියට පෙර පුහුණුවක් ලෙස පැවැත්වෙන මේ තරගාවලිය ජෛව ආරක්ෂක බුබුළක් යටතේ කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේදී මේ මස 30 වැනිදා ආරම්භ වීමට නියමිතය.

දෙපිල අතර, දෙවැනි තරගය දෙසැම්බර් 3 වැනිදා පැවැත්වෙන අතර, 5, 8 සහ 10 දිනවල සෙසු තරග පැවැත්වේ.

අවසන් වරට බංග්ලාදේශ අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ එක්දින තරගාවලියට ක්‍රීඩා කළ දුනෙත් වෙල්ලාලගේගේ නායකත්වයේ යුත් ශ්‍රී ලංකා යොවුන් පිල මේ තරගාවලියටත් එක් වීමට නියමිත අතර, සංචිතයේ වෙනස්කම් 4ක් සිදු කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.

ඒ අනුව බංග්ලාදේශයට එරෙහි තරගාවලියට එක් වූ රයන් ප්‍රනාන්දු, හරිඳු ජයසේකර, ළහිරු දෙවටගේ සහ ජීවක ශෂීන්ට සංචිතයේ ස්ථාන අහිමි වී ඇති අතර, ඒ වෙනුවට අභිෂේක් ලියනආරච්චි (ඩීඑස් සේනානායක), රන්දු සෝමරත්න (ත්‍රිත්ව), සකුණ ලියනගේ (ලුම්බිණි) සහ කඩුලු රකින පිතිකරු අංජුල බණ්ඩාර (සා.අන්තෝනි) කැඳවීමට කටයුතු කර ඇත.

0 comment
0

Related Posts

Leave a Comment