Home විදෙස් පුවත් උයිගර් පළාතට චීනයෙන් ප්‍රජා පොලිසි

උයිගර් පළාතට චීනයෙන් ප්‍රජා පොලිසි

by Hela news

චීනයේ උයිගර් පළාතේ පවුල් අධීක්ෂණය කිරීම සඳහා කළමනාකරුවන් පත් කිරීමේ නව ක්‍රමවේදයක් ආරම්භ කරමින් සුළුතර ජනගහණය පාලනය කිරීමට අභ්‍යන්තර හා බාහිර යාන්ත්‍රණයක් නිර්මාණය කර ඇතැයි සන්ඩේ මෝනිං හැරල්ඩ් පුවත්පත වාර්තා කළේය. මෙය තුන්කොන් උපායමාර්ගයක් ඔස්සේ සිදු කිරීමට නියමිත බවත්, පළමුව උයිගර් පවුල් දහයකට එක් කළමනාකරුවකු පත් කිරීම, දෙවනුව බහුතර චීන ජාතිකයන්ගේ පවුල් ලෙස ව්‍යාජ පවුල් නිර්මාණය කර එම පළාතේ පදිංචි කරවීම සහ ඔවුන් භාවිත කරමින් උයිගර් මුස්ලිම් පවුල් අධීක්ෂණය කිරීම ඊට ඇතුළත් බව ද වාර්තා වේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම දේශපාලන හා නීති කටයුතු පිළිබඳ කොමිසම මේ සියලු කාර්යයන් නිරීක්ෂණය කරන බව ද එම පුවත්පත් වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වේ.

පවුල් අධීක්ෂණ කළමනාකරුවන් බුද්ධිමය, ප්‍රචාරණ හා ප්‍රතිඅධ්‍යාපනික වශයෙන් පුහුණුව ලබා ඇතැයි ද, උයිගර් පවුල් කෙරෙහි සමීප බව හා මිත්‍රත්වය පෙන්නුම් කිරීමට බහුතර චීන ජාතිකයන්ගේ ව්‍යාජ පවුල් නිර්මාණය කර ඇතැයි ද සන්ඩේ මෝනිං හැරල්ඩ් පුවත්පත අනාවරණය කළේය. එහිදී උයිගර් මුස්ලිම් පවුල්වල දේශපාලනික හා ආගමික ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ වගකීම ඔවුන්ට පවරා දී ඇතැයි ද පැවැසේ. උයිගර් පවුල්වල සාමාජිකයන් අමෙරිකාවට අයත් ‘සප්යා‘ ජංගම යෙදුම භාවිත කරන්නේද යන්න නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රජා පොලීසියක් ද ස්ථාපිත කර ඇතැයි එම පුවත්පත වැඩි දුරටත් සඳහන් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment