Home විදෙස් පුවත් උගන්ඩාව සහ කොංගෝ ජනරජයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්,

උගන්ඩාව සහ කොංගෝ ජනරජයෙන් ඒකාබද්ධ මෙහෙයුමක්,

by Hela news

සිවිල් වැසියන් සමූලඝාතනය කළ බවට චෝදනා එල්ල වී ඇති ප්‍රජාතන්ත්‍රවාදී මිත්‍ර හමුදාවට එරෙහිව ක්‍රියාත්මක වන ඒකාබද්ධ මෙහෙයුමක පියවරක් ලෙස උගන්ඩාවේ හමුදාව කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට ඇතුළු වී ඇතැයි වාර්තා වේ.

ම්ලේච්ඡ ස්වරූපයකින් කටයුතු කරන බව කියන ප්‍රජාතන්ත්‍රවාදී මිත්‍ර හමුදාවට එරෙහිව මේ දෙරටම සිය ප්‍රහාරයන් වැඩි කර ඇති අතර, කාලතුවක්කු ප්‍රහාර සමග සහ ගුවන් මගින් බෝම්බ හෙළමින් සිය සතුරන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එම ප්‍රහාර නිවැරැදි ඉලක්ක වෙත එල්ල වූ බවත් වාර්තා වේ. උගන්ඩාවේ හමුදා කොංගෝ ජනරජයට ඇතුළුවී ඇත්තේ එම ප්‍රහාරමාලාවෙන් පසුවය.

දෙරටෙහිම විශේෂ හමුදා බළඈණි භාවිත කරමින් මේ ත්‍රස්තවාදී හමුදාව මැඬ පැවැත්වීමට හැකි සෑම පියවරක්ම ගන්නා බව උගන්ඩාව සහ කොංගෝ ජනරජය ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කර තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment