Home උණුසුම් පුවත් ඉහළ පෙළේ අය වත්කම් හෙළි නොකිරීම විශාල ගැටලුවක්

ඉහළ පෙළේ අය වත්කම් හෙළි නොකිරීම විශාල ගැටලුවක්

by Hela news

වත්කම් හෙළි නොකිරීම මේ රටේ විශාල ප්‍රශ්නක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7) පැවසීය.

දේශීය හා විදේශීය වත්කම් හෙළි නොකළ දේශපාලන කණ්ඩායම් හා චෞර ව්‍යාපාරිකයන් පිරිසක් වගේම රාජ්‍ය නිලධාරීන් 50 දෙනකු පමණ මේ රටේ සිටින බවද හෙතෙම කීවේය.

මේ පිරිස් අයථා ලෙස මුදල් උපයා ගෙන සිටින බව පැවසූ ඒ මහතා අධිකරණයේ නඩු පවරා සියලු ධනය පවරා ගන්නා බවට පසුගිය ජනාධිපතිවරණයේ දී පොරොන්දු දී තිබුණත් ඒ කිසිවක් ඉටු වී නැති බවද කීවේය.

පහුගිය මාර්තු මාසය වන විට ජාතිය ගොඩනැගීමේ බද්ද ඇතුළු බදු ගණනාවක් පැහැර හැරිය අය ඉන්නවා. අපේ රටේ ඕනෑම අධිකරණයට එන ලිපි ගොනුවක් පරීක්ෂා කිරීමට විනිමය කොමිසමට, ආදායම් කොමසරිස් ජනරාල්වරයාට බල‍ය තියෙනවා. මේ පනතේ එකී ලිපි ගොනුවල පරමාරක්ෂිතය රකින බවට සඳහන් කර තියෙනවා. මේ සාමාන්‍ය ජනතාවගේ වුවමනාවන් වෙනුවෙන් ද? නැහැ කුඩා කණ්ඩායමකගේ අවශ්‍යතාවන් වෙනුවෙන් මේ පනත ගෙනත් තිබෙනවා යැයිද ඒ මහතා පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment