Home උණුසුම් පුවත් ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු මේ සතියේ

ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු මේ සතියේ

by Hela news

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙල 2020 විභාගයට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමේ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු මේ සතියේ නිකුත් කිරීමට හැකි වනු ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දන පී. උඩවත්ත මහතා පැවසීය.

කොවිඩ් අවදානම හේතුවෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට පසුගිය කාලයේ නොහැකිවීම හේතුවෙන් ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු නිකුත් කිරීම ප්‍රමාද වූ බවද කළ විමසුමකදී මහාචාර්යවරයා සඳහන් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment