Home කාලීන පුවත් ඉන්ධන හිඟයක් ඇතැයි කී ආනන්ද පාලිතට ඇප

ඉන්ධන හිඟයක් ඇතැයි කී ආනන්ද පාලිතට ඇප

by Hela news

රට තුළ ඉන්ධන හිඟයක් ඇතැයි අසත්‍ය ප්‍රචාරයක් කරමින් ජනතාව නොමඟ යවා මහජන කැලඹීමක් ඇති කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත යන අය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (21) නියෝග කළාය.

මෙලෙස අධිකරණය මගින් වත්තල පදිංචි දෙමටගේ ආනන්ද පාලිත නමැත්තා ඇප මත මුදා හැරිණි.

සැකකරු විසින් පසුගිය 19 වැනි දා මාධ්‍ය හමුවක් පවත්වා රට තුළ ඉන්ධන හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් කරමින් මහජනතාව නොමඟ යැවූ බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාවරයකු කළ පැමිණිල්ලකට අදාළව මෙම විමර්ශනය ආරම්භ කර එහිදී අනාවරණය වූ කරුණු මත සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

‘‘ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඩීසල් මෙට්‍රික් ටොන් 65,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 32,000ක් පමණක් ඇති බවත් එය දින 11ක තරම් කෙටි කාලයක් සඳහා පමණක් ප්‍රමාණවත් වන බවත්’’ සඳහන් කරමින් මෙම සැකකරු මාධ්‍ය හමුවේ අසත්‍ය ප්‍රචාරයක් සිදු කර ඇති බව බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පැමිණිල්ලෙන් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර සිටියේය.

0 comment
0

Related Posts

Leave a Comment