Home ක්‍රීඩා පුවත් ඉන්දීය බලාපොරොත්තු ඉහළට

ඉන්දීය බලාපොරොත්තු ඉහළට

by Hela news

ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ඉහළ දමා ගනිමින් ඊයේ රාත්‍රියේ ස්කොට්ලන්තය සමඟ පැවැති තරගයෙන් කඩුලු 8ක ජයක් හිමි කර ගැනීමට ඉන්දියාව සමත් විය.

ඩුබායිහිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ස්කොට්ලන්තය ලකුණු 85කට සීමා කළ ඉන්දීය ක්‍රීඩකයෝ ඕවර 6.3කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2ක් පමණක් අහිමි කර ගනිමිනි.

මේ ජය සමඟ ඉන්දියාව නවසීලන්තය ද අබිබවා ශුද්ධ ලකුණු වේගය වැඩි කරගත් අතර, ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4 දක්වා ඉහළ දමා ගත්තේය.

ඉන්දීය පිළිතුරු ඉනිමට වේගවත් ආරම්භයක් දුන් ලෝකේෂ් රාහුල් පන්දු 19කින් ලකුණු 50ක් රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟිනි. රෝහිත් ශර්මා පන්දු 16කදී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් රැස් කළේය.

ආරම්භක පිතිකරු ජෝර්ජ් මන්සි ලකුණු 24ක් රැස් කරමින් ස්කොට්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. මයිකල් ලීස්ක් ලකුණු 21ක් රැස් කළ අතර, සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාවට පිවිසීමට නොහැකි වූහ. පන්දු යැවීමේදී රවින්ද්‍ර ජඩේජා සහ මොහොමඩ් ෂාමි කඩුලු 3 බැගින් දවාගත් අතර, ජස්ප්‍රීට් බුම්රා කඩුලු 2ක් බිඳ දැම්මේය.

ස්කොට්ලන්තය – 85 (ඕවර 17.4) ජෝර්ජ් මන්සි 24 (රවින්ද්‍ර ජඩේජා 15/3, මොහොමඩ් ෂාමි 15/3)

ඉන්දියාව – 89/2 (ඕවර 6.3) ලෝකේෂ් රාහුල් 50, රෝහිත් ශර්මා 30

0 comment
0

Related Posts

Leave a Comment