ඉන්දියාවේ සිට පැමිණ පුත්තලමේ සැඟවී සිටි කාන්තාවට හා මවට ඇප

0
48

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් පැමිණ සැඟවී සිටි කාන්තාව හා ඇයට රැකවරණය දුන් මවට එක් අයකුට එක්ලක්ෂ පනස් දහස බැගින් ශරිර ඇප දෙකක් නියම කරමින් අදාළ කාන්තාව හා ඇගේ දරුවන් දෙදෙනා මවගේ නිවෙසේ ස්වං නිරෝධායනයට යොමු කිරීමට පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් එෆ්. මහප්‍රි මහත්මිය  නියෝග කළාය.  මෙම කාන්තාව සහ දරුවන් ඉන්දියාවේ සිට ධීවර යාත්‍රාවක ආධාරයෙන් පැමිණ පුත්තලම වේප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී සොයාගැනීමෙන් පසු පුත්තලම පොලිසිය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. ආගමන විගමන පනත උල්ලංඝනය කරමින් මුහුදු මාර්ගයෙන් පැමිණීම හා නිරෝධායන නීති-රීති කඩ කිරීමේ චෝදනාව මත එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති ඔවුන්ට රැකවරණය දුන් එම කාන්තාවගේ මව ද පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි. එම කාන්තාව ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ඉන්දියානු කාන්තාවක් බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන තිබේ. මෙසේ ඇප මත මුදා හැරියේ පුත්තලම වෙප්පමඩුව පදිංචි එම් .රුපාවති (62) හැවිරිදි කාන්තාවක් හා ඇගේ දියණිය බව කියන ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මුන්පායිසම්මුගන් ගවායි නමැති 34 හැවිරිදි කාන්තාවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here