Home ක්‍රීඩා පුවත් ඉන්දියාවේ ඉරණම ඇෆ්ගනිස්තානය මත

ඉන්දියාවේ ඉරණම ඇෆ්ගනිස්තානය මත

by Hela news

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 2ක් අද (07) පැවැත්වේ.

ඒ, නවසීලන්තය සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම අතර තරගය සහ පාකිස්තානය සහ ස්කොට්ලන්තය අතර තරගයයි.

නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය අද පස්වරු 03.30ට අඩුඩාබිහි දී පැවැත්වෙන අතර පාකිස්තානය සහ ස්කොට්ලන්තය අතර තරගය පස්වරු 07.30ට සාජස් හිදී පැවැත්වීමට නියමිතය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩය යටතේ මේ වන විටත් පාකිස්තාන කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා සිටී.

අද තරගයේ නවසීලන්ත කණ්ඩායම ජය ලබාගත හොත් ඔවුන් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර පරාජයට පත්වුවහොත් ලකුණු ලබා ගැනීමේ වේගය අනුව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය වනු ඇත.

0 comment
0

Related Posts

Leave a Comment