Home විදෙස් පුවත් ඉන්දියාවේ ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 17ක් මරුට.

ඉන්දියාවේ ආපදා තත්ත්වයෙන් පුද්ගලයින් 17ක් මරුට.

by Hela news

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබේ.

දින කිහිපයක සිට ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමග ආන්ද්‍රා ප්‍රදේශය පුරා මේ වන විට දරුණු ගංවතුර තත්ත්වයක් හටගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

තිරුපති කෝවිල වන්දමාන කිරීම සඳහා පැමිණි විශාල පිරිසක් ද ගංවතුර තත්ත්වය හේතුවෙන් සිර වී සිටින අතර තවත් පිරිසක් අතුරුදන්ව සිටින බව සඳහන්ය.

සිර වී සහ අතුරුදන්ව සිටින පුද්ගලයින් බේරාගැනීම සඳහා මුදා ගැනීමේ කණ්ඩායම් යොදවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

0 comment
0

Related Posts

Leave a Comment