ඉන්දියාවට ෆයිසර් සමාගමෙන් ඩොලර් මිලියන 70 ක මානුෂීය ආධාරයක්

0
62


COLOMBO (News 1st) – ඉන්දියාවට ඖෂධ ඇතුළු අමෙරිකානු ඩොලර් මිලියන 70 ක මානුෂීය ආධාර ලබා දීමට ෆයිසර් සමාගම තීරණය කර තිබේ.

ඒ, ඉන්දියාවේ කොරෝනා මර්දන සටනට දක්වන දායකත්වයක් ලෙසය.

තම සමාගමේ ඉතිහාසයේ විශාලතම මානුෂීය ආධාර තොගය මෙය බව, ෆයිසර් සමාගමේ සභාපති ඇල්බට් බෝර්ලා පැවසුවේය.

ඔහු සඳහන් කළේ, කොරෝනා අර්බුදය මධ්‍යයේ ඉන්දියාව පත්ව ඇති තත්වය පිළිබඳව තමා ඉතා කණස්සල්ලට සහ කණගාටුවට පත්වන බවය.

ඒ අනුව ඉන්දියාවේ ඉදිරි ප්‍රතිකාර කටයුතු සදහා අවශ්‍ය ඖෂධ තොග, අමෙරිකාවේ, යුරෝපයේ සහ ආසියාවේ බෙදාහැරීමේ මධ්‍යස්ථාන හරහා ඉන්දියාවට ලබා දීමට ෆයිසර් සමාගම සැලසුම් කර තිබේ.



උණුසුම් පුවත්





Source link

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here