Home ක්‍රීඩා පුවත් ඉන්දියාවට කඩුලු 9ක ජයක්

ඉන්දියාවට කඩුලු 9ක ජයක්

by Hela news

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ අවසන් තරගයේදී නැමීබියාව කඩුලු 9කින් පරාජය කිරීමට ඉන්දීය පිල සමත් විය. මේ වන විට කණ්ඩායම් දෙකම තරගාවලියෙන් ඉවත්ව සිටින බැවින් ඊයේ ඩුබායි නුවර පැවැති මේ තරගය වැඩි උණුසුමකින් තොර තරගයක් බවට පත් වී තිබිණි.

කාසියේ වාසිය දිනූ ඉන්දීය පිලේ ඇරියුමෙන් පළමුව පන්දුවට පහර දුන් නැමීබියාව ඕවර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු 132 හඹා ගිය ඉන්දීය පිල තරගය ජයගත්තේ ඕවර 15.2කදී එක් කඩුල්ලක් පමණක් වැය කරමිනි.

ඉන්දීය ඉනිම වර්ණවත් කළ ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා ලකුණු 56ක් රැස් කිරීමට සමත් වූයේ විස්සයි20 තරග බිමේ ලකුණු තුන්දහසේ සීමාව ද සම්පූර්ණ කරමිනි. මේ කඩඉම පසු කළ තුන්වැනි පිතිකරුවා ලෙස ඔහු වාර්තාපොතට එක් වූ අතර, ඊට පෙර ඉන්දීය පිලේ නායක විරාට් කෝලි සහ නවසීලන්තයේ මාටින් ගප්ටිල් විස්සයි20 තරග බිමේ ලකුණු තුන්දහස සම්පූර්ණ කළ පිතිකරුවෝ වූහ.

පන්දු 37කට මුහුණ දුන් ෂර්මාගේ ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.

0 comment
0

Related Posts

Leave a Comment