Home දේශීය පුවත් ඉදිරි මාස 3 ඇතුළත තවත් මාර්ග 2,500ක් ජනතා අයිතියට

ඉදිරි මාස 3 ඇතුළත තවත් මාර්ග 2,500ක් ජනතා අයිතියට

by Hela news

ඇමැති ජොන්ස්ටන්

ඉදිරි මාස තුන ඇතුළත තවත් මාර්ග 2,500ක් විවෘත කිරීමට මහාමාර්ග අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

මේ වන විට රටේ මාර්ග 68,000ක් සංවර්ධන කිරීමට හඳුනාගෙන ඇති අතර එයින් මාර්ග 14,000ක වැඩ නිම කර තිබේ. මාර්ග කිලෝමීටර් 100000ක් සංවර්ධනය කිරීමේ දීප ව්‍යාප්ත වැඩපිළිවෙළ යටතේ මාර්ග 1,500ක් පසුගියදා ජනතා අයිතියට පත් කළ බව මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත ඊයේ (8) පැවසීය.

බස්නාහිර පළාතේ 329ක්, මධ්‍යම 150ක්, දකුණට 271ක්, ඌව 120ක්, සබරගමුව 145ක්, උතුරු මැද 53ක්, වයඹ 156ක්, නැඟෙනහිර 240ක්, උතුරුට 36ක් ලෙස මෙම මාර්ග 1,500 යටතේ ජනතා අයිතියට පත් කර තිබේ. රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා රජය නිරෝධායන ඇදිරි නීතිය විටින් විට පැනවූවත් රට පුරා ආරම්භ කර තිබූ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සියල්ල නොකඩවා සාමාන්‍ය පරිදි කළ නිසා මෙම මාර්ග 1500 මාස තුනක් ඇතුළත නිමකර ජනතා අයිතියට පත් කිරීමට ලැබුණු බව හෙතෙම කීවේය.

0 comment
0

Related Posts

Leave a Comment