Home විදෙස් පුවත් ඉතිහාසය වෙනස් කළ දකුණු අප්‍රිකානු ජනපතිවරයෙක් ජීවිතයෙන් සමුගනී

ඉතිහාසය වෙනස් කළ දකුණු අප්‍රිකානු ජනපතිවරයෙක් ජීවිතයෙන් සමුගනී

by Hela news

දකුණු අප්‍රිකාවේ ජනාධිපති ලෙස කලක් කටයුතු කළ එෆ් ඩබ් ද ක්ලාර්ක් මරණයට පත්වී තිබේ.

ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 85කි.

ඔහු එරට මෙතෙක් පාලනය කළ අවසාන සුදු ජාතික ජනාධිපතිවරයා ද වෙයි.

දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදය නිම කිරීමට මුල්වූ නෙල්සන් මැන්ඩෙලා ව 1990 දී නිදහස් කළේ ඔහුගේ පාලන සමයේදීය.

ජනාධිපති ද ක්ලාර්ක් ට පිළිකාවක් වැළඳී ඇතිබව 2020දී තහවුරු විය. ඔහු 1989 සිට 1994 දක්වා දකුණු අප්‍රිකා රජයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

0 comment
0

Related Posts

Leave a Comment