Home Uncategorized ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික මවක් දියණියන් දෙදෙනා ඝාතනය කර පලා ගිහින්

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික මවක් දියණියන් දෙදෙනා ඝාතනය කර පලා ගිහින්

by Hela news

ඉතාලියේ වෙරෝනා නගරයෙහි මාමා බැම්බිනෝ ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලාංකික මවක් ඇයගේ එකොළොස් හැවිරිදි සහ තුන් හැවිරිදි වයස්වල පසුවන දියණියන් දෙදෙනා ඝාතනය කර පලා ගොස් තිබේ.

මේ සිදුවීම පෙරේදා (26) වාර්තා වී තිබෙන අතර, අදාළ මව සොයා පොලිස් මෙහෙයුම් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ඝාතනයට ලක් වූ කුඩා දරුවන් දෙදෙනාගේ මළසිරුරු ඔවුන්ගේ ඇඳන් මත තිබියදී නිවෙසේ සිටි වෙනත් තැනැත්තකු විසින් සොයා ගෙන ඇතැයි වෙරෝනා පොලිසිය ප්‍රකාශ කර තිබේ.

මේ ඝාතනයට සම්බන්ධ කාන්තාව යම් කිසි මානසික ව්‍යාධියකින් පෙළෙන්නේද යන්න සම්බන්ධයෙන් ඉතාලි පොලිසියේ විශේෂ අවධානය යොමු වී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වෙරෝනා මූලස්ථාන පොලිසියේ ජංගම දුරකතන කණ්ඩායම විසින් විමර්ශන කරන අතර, සිද්ධිය වූ ස්ථානයට පොලිසිය සහ ගිනි නිවන හමුදාවට අමතරව පළාතේ නගරාධිපති ෆෙඩ්‍රිකෝ ස්බෝරිනා සහ සමාජ කටයුතු පිළිබඳ මන්ත්‍රී ඩනියෙලා මල්ලාරේද පැමිණි බව වාර්තා වෙයි.

0 comment
0

Related Posts

Leave a Comment