Home විදෙස් පුවත් ඇෆ්ගනිස්තානය ගොඩගන්නා බවට පොරොන්දුවක්

ඇෆ්ගනිස්තානය ගොඩගන්නා බවට පොරොන්දුවක්

by Hela news

ආර්ථික ව්‍යසනයකින් ඇෆ්ගනිස්තානය බේරාගන්නා බවට ජී 20 රටවල් පොරොන්දුවක් ලබාදී තිබේ.

ඇෆ්ගන් ආර්ථිකය ගොඩනැගීම සඳහා ඩොලර් බිලියන ගණනින් යොදවන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පසුගිය දිනකදී ලෝක නායකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව, ඇෆ්ගන් ආර්ථිකය සම්බන්ධයෙන් ජී 20 රටවල නායකයන් අතර මේ දිනවලදී වර්චුවල් ක්‍රමයට සාකච්ඡාවක් පැවැත්වෙයි.

ඇෆ්ගනිස්තානය ආර්ථික ව්‍යසනයකින් බේරාගන්නා බව රාජ්‍ය නායකයන් එහිදී පොරොන්දු වී තිබුණි.

කෙසේවෙතත් ආධාර ඍජුවම තලෙබාන් පාලකයන් වෙත ලබානොදිය යුතු බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් යෝජනා කර තිබේ.

ඒ වෙනුවට ස්වාධීන ජාත්‍යන්තර සංවිධාන හරහා ආධාර ලබාදිය යුතු බව එහුගේ අදහස වේ.

ඇෆ්ගනිස්තානයේ තලෙබාන් පාලනය පිළිගැනීමට ජර්මනිය තවමත් සූදානම් නැති බව ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් සමුළුවට එක්වෙමින් පැවසුවාය.

ඒ, ඔවුන්ගේ පාලනය පිළිගැනීම සඳහා ඉදිරිපත් වී ඇති ප්‍රමිතීන් සම්පූර්ණ කිරීමට තලෙබාන්වරු අසමත්වීම හේතුවෙනි.

එහෙත් ඇෆ්ගනිස්තානය අවුල් ජාලාවක් වීමට ඉඩ දිය නොහැකි බව පැවසූ මර්කල්, එරටට යූරෝ මිලියන 600ක ආධාර ලබාදීමට එකඟත්වය පළකළේය.

ඇෆ්ගනිස්තානයට මානුෂිය ආධාර ලබාදීම සඳහා ප්‍රවේශ වීමට අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙසත් ඇය ලෝක නායකයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබුණි.

0 comment
0

Related Posts

Leave a Comment