Home විදෙස් පුවත් ඇෆ්ගනිස්තානයේ හිටපු ජනපති සටන පාවාදීලා

ඇෆ්ගනිස්තානයේ හිටපු ජනපති සටන පාවාදීලා

by Hela news

මරණය දක්වා සටන් කිරීමට පොරොන්දු වී සිටි ඇෆ්ගනිස්තානයේ හිටපු ජනාධිපති අෂ්රෆ් ගානි තලේබාන් සංවිධානය කාබුල් නුවර වට කිරීමෙන් පසු පලා ගිය බවට අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටෝනි බ්ලින්කන් චෝදනා කර ඇත. ඔහු මේ අදහස් පළ කර ඇත්තේ තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ නව රජයක් පිහිටුවීම සම්බන්ධව අමෙරිකාවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධව කරුණු දක්වමිනි.

කෙසේ වෙතත් ඇෆ්ගනිස්තානය රැක ගැනීම සඳහා පාකිස්තාන ගුවන් සීමාව භාවිත කිරීමට අමෙරිකාව සහ පාකිස්තානය අතර එකඟතාවක් තිබූ බවත්, එය එරට තලේබාන් සංවිධානයෙන් ආරක්ෂා කරගැනීමේ ප්‍රබල සාධකයක් වීමට ඉඩ තිබූ බවත් අමෙරිකා අන්තර්ජාතික යුද විශ්ලේෂකයන් ද තහවුරු කර තිබිණි.

ඇෆ්ගනිස්තාන රජය බිඳ වැටීමෙන් ආරක්ෂා කරගැනීමට ජෝ බයිඩ්න් පරිපාලනයට වැඩි කාර්යභාරයක් සිදු කිරීමට තිබූ බව අමෙරිකාවේ හිටපු ඇෆ්ගනිස්තාන නියෝජිත සල්මි කලිල්සාඩ් පසුගියදා සම්මුඛ සාකච්ඡාවක දී පිළිගත් බැවින් ඇෆ්ගනිස්තාන රජය බිඳ වැටීමෙන් අමෙරිකාවට එල්ල වී ඇති චෝදනා බරපතළ වී ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ.

0 comment
0

Related Posts

Leave a Comment