Home විදෙස් පුවත් ඇෆ්ගනිස්තානයේ හමුදා රෝහලකට ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ හමුදා රෝහලකට ප්‍රහාරයක්

by Hela news

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර හමුදා රෝහලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තිබේ.

අදාළ ප්‍රහාරය හේතුවෙන් තවත් පුද්ගලයින් 16 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රෝහල් ගොඩනැගිල්ලෙන් පිටත විශාල පිපිරිම් දෙකක් සිදුව ඇති අතර පසුව තුවක්කුකරුවන් විසින් රෝහල් පරිශ්‍රය තුළට පැමිණ වෙඩි ප්‍රහාරය එල්ල කර තිබේ.

එක් පිපිරීමක් මරාගෙන මැරෙන ප්‍රහාරයක් බව වාර්තා වේ.

අදාළ ප්‍රහාරවල වගකීම අයි.එස් සංවිධානය විසින් භාරගෙන ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.

කෙසේවෙතත් තලෙබාන් සටන්කාමීන් විසින් ප්‍රහාරකයින් සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර එක් ප්‍රහාරකයෙකු සිය භාරයට ගෙන තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment