Home විදෙස් පුවත් ඇෆ්ගනිස්තානයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළට

ඇෆ්ගනිස්තානයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළට

by Hela news

දේශපාලන ව්‍යාකූලත්වය සහ පැතිරී යන නියඟය හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. මේ තත්ත්වය මත එරට ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඇෆ්ගනිස්තානයේ දේශීය නිෂ්පාදන ප්‍රමාණවත් නොවීමත්, බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ පිටරටින් ආනයනය කිරීමත් මිළ ඉහළ යෑමට හේතු වී ඇත. සීත කාලය එළැඹීමත්, ආර්ථික පසුබෑමත් නිසා තත්ත්වය උග්‍ර වී ඇති අතර, පැතිරී යන දරුණු නියඟය හේතුවෙන් පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේදී ඇෆ්ගනිස්තානයේ දේශීය අස්වැන්න බරපතළ ලෙස පහත වැටී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.

ඇෆ්ගනිස්තානයට අවශ්‍ය බොහෝ භාණ්ඩ අසල්වැසි රටවලින් ආනයනය කරනු ලබන අතර, එය එරට ගොවීන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබේ. එහෙත් තලේබාන් රජයේ අමාත්‍යවරයකු වන අබ්දුල් රහ්මාන් ප්‍රකාශ කර ඇත්තේ ඇෆ්ගනිස්තානය ස්වයංපෝෂිත රටක් නොවන බැවින් බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට සිදු වී ඇති බවය.

0 comment
0

Related Posts

Leave a Comment