Home විදෙස් පුවත් ඇෆ්ගන් බුද්ධි සාමාජිකයෝ තලේබාන්ට එරෙහිව අයිඑස් කල්ලියට

ඇෆ්ගන් බුද්ධි සාමාජිකයෝ තලේබාන්ට එරෙහිව අයිඑස් කල්ලියට

by Hela news

ඇෆ්ගනිස්තානයේ හිටපු රජයේ සාමාජිකයන් තලේබාන් සංවිධානයට එරෙහිව සටන් කිරීම සඳහා අයිඑස් සහ අයිඑස්-කේ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන සමඟ එක් වී ඇතැයි නවතම වාර්තාවකින් අනාවරණය වී තිබේ. වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත උපුටා දක්වමින් කාමා ප්‍රෙස් පුවත් සේවය වාර්තා කළේ එම සංවිධානවලට එක් වූයේ ඇෆ්ගනිස්තානයේ හිටපු රජයේ බුද්ධි අංශයේ සාමාජිකයන් බවය.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසු ඔවුන්ගේ එකම ප්‍රතිවාදී කණ්ඩායම බවට පත්වී සිටියේ පන්ජ්ෂීර් ප්‍රාන්තයේ අහමඩ් මසූඩ් සහ හිටපු රජයේ උපජනාධිපති අම්රුල්ලා සාලේ විසින් සම නායකත්වය දරනු ලැබූ කණ්ඩායමක් පමණි. එහෙත් මේ වන විට තලේබාන් සංවිධානයට එරෙහිව ඇෆ්ගනිස්තානය තුළම ක්‍රියාත්මක වන අයිඑස් ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් සිටින බව වාර්තාවේ.‍

නවතම වාර්තාවට අනුව අයිඑස් සංවිධානයට එක් වූ ඇෆ්ගනිස්තානයේ හිටපු රජයේ බුද්ධි අංශ සාමාජිකයන් අමෙරිකාවේ පුහුණුව ලැබූ පිරිසකි. පසුගියදා ඇති වූ ගැටුම්වලදී අයිඑස් සාමාජිකයන් 65 දෙනකු යටත් වූ බව තලේබාන් සංවිධානය ප්‍රකාශ කර ඇත.

0 comment
0

Related Posts

Leave a Comment