Home විදෙස් පුවත් ඇෆ්ගන් කතුන්ගෙන් චෝදනා පිට චෝදනා

ඇෆ්ගන් කතුන්ගෙන් චෝදනා පිට චෝදනා

by Hela news

ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගැනීමෙන් පසු තලේබාන් සංවිධානය කාන්තා නිදහසට වැට බැඳීම සම්බන්ධව ගෝලීය ප්‍රජාව නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම එරට කාන්තාවන්ගේ දැඩි විවේචනයට ලක් වී ඇතැයි වාර්තා වේ. ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ට අත් වී ඇති ඉරණම පිළිබඳ අන්තර්ජාතික ප්‍රජාව මෙසේ නිහඬව නොසිටිය යුතු බව ඔවුන්ගේ අදහස වී ඇත. පසුගියදා එරට කාන්තාවන් පිරිසක් කාබුල් නුවරට රැස් වී මේ පිළිබඳ විරෝධතාවක නිරතව සිටි අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ මානව හිමිකම් ආයතනවලට ද චෝදනා කර තිබේ.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය අත්කර ගැනීමෙන් පසු මාස දෙකක් ගත වී තිබුණත් එරට දැරියන්ට පාසල් යෑමට හෝ කාන්තාවන්ට සිය රැකියා සඳහා යොමු වීමට මෙතෙක් කිසිදු අවස්ථාවක් සලසා නැති බවත්, ෂරියා නීතිය යටතේ වුවත් මුස්ලිම් කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට සහ රැකියා කිරීමට අයිතියක් ඇති බවත් ඇෆ්ගන් කාන්තාවෝ කියති.

අන්තර්ජාතික ප්‍රජාව මේ සම්බන්ධව හඬක් නඟන්නේ නම් ඇෆ්ගන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ නිදහස නැවත අත්කර ගත හැකි බවත්, ඇෆ්ගනිස්තානයට ලෝකය සමඟ සම්බන්ධතා ගොඩ නඟා ගැනීමට නම් කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතුව බවත් ඔවුහු අවධාරණය කරති.

0 comment
0

Related Posts

Leave a Comment