Home ව්‍යාපාර පුවත් ඇසට්ලයින් වෙතින් ත්‍රිරෝද රථ ලීසිංවලට සම්පූර්ණ සේවා වාර තුනක් නොමිලේ

ඇසට්ලයින් වෙතින් ත්‍රිරෝද රථ ලීසිංවලට සම්පූර්ණ සේවා වාර තුනක් නොමිලේ

by Hela news

රිරෝද රථ හිමියන්ගේ විශ්වසනීයම ලීසිං සහකරු ලෙස මේ වන විට මුල් තැන පසුවන ඇසට්ලයින් ලීසිං පසුගියදා තවත් සුවිශේෂි දීමනාවක් හඳුන්වා දුන්නේය. මේ නව දීමනාවට අනුව ලියාපදිංචි ත්‍රිරෝද රථයකට ලීසිං පහසුකම් ලබා ගන්නා පාරිභෝගිකයන්ට නොමිලේ ෆුල් සර්විස් 3ක් හිමි වන අතර, බජාජ් ත්‍රිරෝද රථ සඳහාම විශේෂඥයන් වන ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ඩීලර්වරුන්ගෙන් මේ සේවාව සැලසුම් කර ඇත.

නව දීමනාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇසට්ලයින් ලීසිං නියෝජ්‍ය අංශ භාර කළමනාකරු (ව්‍යාපාර සංවර්ධන) මංජුල ගන්නිලේ මහතා පැවසුවේ ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ ලීසිංවලට වසරක් පුරා මාසයකට නොමිලේ පෙට්‍රල් ලබාදීමේ දීමනාවෙන් තවමත් පාරිභෝගිකයන් ප්‍රතිලාභ ලබමින් සිටින අතරතුරම, මේ නව දීමනාව හඳුන්වා දුන් බවයි.

“හැම විටම අපගේ පාරිභෝගිකයන්ට නව දීමනාවක ප්‍රතිලාභ හිමි කර දෙමින් දිනෙන් දින අලුත් වන අපගේ පාරිභෝගික සේවාවල නවතම ප්‍රවර්ධන වැඩසටහන ලෙස ලියාපදිංචි කළ ත්‍රිරෝද රථවලට ලීසිං ලබා ගන්නා පාරිභෝගිකයන්ට නොමිලේ සම්පූර්ණ සේවා වාර 3ක් ලබා දීමට අප තීරණය කළා. විශේෂයෙන් වසංගත තත්ත්වය සමඟ පාරිභෝගිකයන් මුහුණ දෙන විවිධ අසීරුතා හමුවේ මූල්‍ය වශයෙන් ඔවුන්ට සහනයක් ලබා දෙමින් ඇසට්ලයින් ලීසිං වෙතින් නොමිලේ සම්පූර්ණ සේවා 3ක් ලබා දෙනවා,” යැයි ගන්නිලේ මහතා පවසයි.

තවද වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවේ තවදුරටත් පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ වගකීම ඉටු කරමින් ලියාපදිංචි කළ ත්‍රිරෝද රථ ලීසිං පහසුකමක් ලබා ගන්නා සෑම පාරිභෝගිකයකුටම ත්‍රිරෝද රථයේ ඇතුළත රියැදුරු අසුන සහ පසුපස ගමන් කිරීමේ කොටස වෙන් කරන ආරක්ෂක ආවරණයක්ද නොමිලේම පිරිනැමෙන බවත් ඔහු පවසයි.

0 comment
0

Related Posts

Leave a Comment