Home දේශීය පුවත් ඇමති බැසිල්-ඉන්දීය අගමැති, හමුව අද,

ඇමති බැසිල්-ඉන්දීය අගමැති, හමුව අද,

by Hela news

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතා අද (02) හමුවීමට නියමිතය. දිල්ලිහිදී එම හමුව සිදුවනු ඇති බව වාර්තා වේ. ආයෝජන සහ සංචාරක හුවමාරු වැඩිදියුණු කිරීම ඇතුළු ද්විපාර්ශ්වික කරුණු ගණනාවක් එහිදී සාකච්ඡාවට ලක්වීමට නියමිත බව සදහන්වේ.  ඊයේ(01) නවදිල්ලියට පැමිණි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබද අමාත්‍ය එස් නිර්මලා සීතාරාමන් මහත්මිය හමු විය. එහිදී දෙරට අතර ආර්ථික සහයෝගිතාවට අදාළ කරුණු රැසක් පිළිබද සාකච්ඡා කෙරුණි. ඉන්දියාව සිය ආර්ථික සහයෝගිතා වැඩසටහන හරහා ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති සහයෝගිතාව පිළිබද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී ස්තූතිය පළ කළේය.

0 comment
0

Related Posts

Leave a Comment