Home උණුසුම් පුවත් ඇතින්නියකගේ මළසිරුරක් මහකලුගොල්ලෙන් හමුවෙයි

ඇතින්නියකගේ මළසිරුරක් මහකලුගොල්ලෙන් හමුවෙයි

by Hela news

මහකලුගොල්ල පොලිස් වසමට අයත් පල්ලේගම ඔබ්බේගොඩයාය ප්‍රදේශයේ වගාබිමක තිබූ ඇතින්නියකගේ මළසිරුරක් ඊයේ  (09) මහකලුගොල්ල පොලීසියට හමුවී ඇත. අවුරුදු පහළොවක් පමණ වයසැති මෙම ඇතින්නියගේ මුඛයේ තුවාල සිදුවී ඇති අයුරු දක්නට ලැබෙන අතර හක්කපටස් එකක් පුපුරා යාමෙන් සිදුවූ තුවාල හේතුවෙන් ඇතින්නිය  මියයන්නට ඇතැයි පොලීසිය සැකපළ කරයි. මෙම ඇතින්නියගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) අම්පාර ප්‍රදේශය භාර වනජීවී පශුවෛද්‍ය නිලධාරීවරයා විසින් පැවැත්වීමට නියමිතව තිබිණි. වඩිනාගල වනජීවී කාර්යාලය සහ මහකලුගොල්ල පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

0 comment
0

Related Posts

Leave a Comment