Home ව්‍යාපාර පුවත් ඇඟලුම් කර්මාන්තයට ආධාර කරන්න ILO සහ IFC සමඟ වැඩ කිරීමට JAAF කැප වෙයි

ඇඟලුම් කර්මාන්තයට ආධාර කරන්න ILO සහ IFC සමඟ වැඩ කිරීමට JAAF කැප වෙයි

by Hela news

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAFF) මෑතක දී අන්තර්ජාතික කම්කරු සංවිධානය (ILO) සහ අන්තර්ජාතික මූල්‍ය සමායතනය (IFC) සමඟ සාකච්ඡා කර ‘Better Work’ වැඩසටහන (BW) තුළින් සිය පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීමට කැපවී සිටියි. ශ්‍රී ලංකාවේ පශ්චාත් කොවිඩ් සමය තුළ ඇඟලුම් කර්මාන්තය යහපත් ලෙස ගොඩනැඟීම සඳහා සහයෝගය දැක්වීම මේ වැඩසටහනේ අරමුණයි.

ශ්‍රී ලංකා ඇඟලුම් ක්ෂේත්‍රය නියෝජනය කරන JAAF සහ එහි සාමාජිකයන්ගේ අරමුණ වන්නේ වෘත්තීයමය සුරක්ෂිතතාව සහ සෞඛ්‍යය, ස්ත්‍රී පුරුෂ භාවය, විවිධත්වය සහ අන්තර්ගතය යන අංශ පිළිබඳ මාර්ගෝපදේශන හා නීති සම්පාදනය වැඩි දියුණු කිරීම සඳහා ‘Better Work’ වැඩසටහන සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමයි. ඇඟලුම් ක්ෂේත්‍රයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs) උසස් තත්ත්වයට ගෙන ඒම උදෙසා ද මේ වැඩසටහන සහාය වනු ඇත.

‘‘ILO සහ IFC සමඟ ‘Better Work’ වැඩසටහන ආරම්භ කිරීම පිළිබඳ අප පැවැත්වූ සාකච්ඡාව තුළින් මිනිසුන් කේන්ද්‍රගත කරන සදාචාරාත්මක, වගකිව යුතු සහ තිරසර සැපයුම් දාමයක් කළමනාකරණය කිරීම සඳහා වූ අපගේ දැඩි කැපවීම පෙන්නුම් කරනවා. සමස්තයක් වශයෙන් පාර්ශ්වකරුවන්ව ඉහළ මට්ටමකට ගෙන ඒමෙ දී සහ සංවර්ධනය සහතික කිරීමේ දී BW වැඩසටහන සැමවිටම ඉදිරියෙන්ම සිටිනවා. ඒ වගේම මේ හරහා යහපත් සේවා පරිසරයක් ඇති කිරීම, කාන්තාවන් සවිබල ගැන්වීම, ව්‍යාපාර තරගකාරි බව සහ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීම සහතික කිරීම සඳහා වූ අපගේ උත්සාහයන් ඉහළින්ම ඔසවා තබනවා. ඇඟලුම් ක්ෂේත්‍රයට දේශීය කොටස්කරුවන් අතර පමණක් නොව ගෝලීය හවුල්කරුවන් සමඟ හවුල් වීමට සහ සහයෝගීව කටයුතු කිරීමට ද ‘Better Work’ වැඩසටහන හොඳ අවස්ථාවක්. ඇඟලුම් කර්මාන්තයේ සේවා කොන්දේසි අඛණ්ඩව වැඩි දියුණු කිරීම සඳහා එකට වැඩ කිරීමට ඇති අපගේ හැකියාව පෙන්නුම් කරන වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.” යනුවෙන් JAAFහි මහ ලේකම් ටියුලි කුරේ මහතා පැවසීය.

0 comment
0

Related Posts

Leave a Comment