Home ක්‍රීඩා පුවත් ආබාධය හංගා යුතුකම ඉටු කළ මැතිව් වේඩ්

ආබාධය හංගා යුතුකම ඉටු කළ මැතිව් වේඩ්

by Hela news

මංගල ලෝක කුසලාන දිනා ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් කඩුලු රකින පිතිකරු මැතිව් වේඩ් විශාල කාර්යයක් ඉටු කළේය.

දෙවැනි අවසන් පූර්ව තරගයේදී විශිෂ්ට පිති හරඹයක නිරත වෙමින් තරගයේ වීරයා වූ ඔහු අවසන් තරගයට ක්‍රීඩා කර ඇත්තේ ආබාධයක් ද සමඟිනි. අවසන් තරගයට පෙර දින පුහුණු සැසියේදී වේඩ් ආබාධයට ලක්ව ඇති අතර, එය උදරයේ දෙවැනි මට්ටමේ මාංසපේශී ඉරීමක් බව වාර්තා වී තිබේ.

අවසන් තරගයේදී තම කණ්ඩායමට මුලින් පන්දුවට පහර දීමට සිදු වේ යැයි තමා කනස්සල්ලෙන් පසු වූ බව පවසා ඇති වේඩ් එසේ වූවානම් පන්දුවට පහර දීමට නොහැකි වීමෙන් කණ්ඩායමට විශාල හානියක් සිදු වනු ඇතැයි ද බියට පත් වී තිබේ.

එම තරගයේදී නවසීලන්ත ආරම්භක පිතිකරු ඩාර්ලි මිචෙල් දැවී ගියේ වේඩ් රැක ගත් උඩ පන්දුව හේතුවෙනි.

නායක ෆින්ච් පැවසුවේ වේඩ්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ යම් බියක් පැවතියද ඔහු එය සාර්ථක කර ගැනීම පුදුමයක් නොවන බවයි.

“සෑම විටම පොඩි බයක් තිබුණා. මම හිතුවා ඔහු දක්ෂ ලෙස ක්‍රියා කළා කියලා. පිටිපස්සට යන කොට මම දැක්කා ඔහු රැකීම් සහ විසි කිරීම් කිහිපයක් සමඟ වේදනාවෙන් ටිකක් දුක් විඳිනවා, ඒත් ඔහු එය මඟහැරියේ නැහැ.”

0 comment
0

Related Posts

Leave a Comment