Home දේශීය පුවත් ආණ්ඩුව කළ වැරැදි රජයේ සේවකයන් මත පටවන්න හදනවා

ආණ්ඩුව කළ වැරැදි රජයේ සේවකයන් මත පටවන්න හදනවා

by Hela news

තමන් අතින් සිදු වූ වැරැදි රාජ්‍ය සේවකයන් පිට පටවා අත සෝදා ගැනීමට ආණ්ඩුව ගන්නා නිර්ලජ්ජිත උත්සාහයට බලවත් විරෝධය පළ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  රාජ්‍ය සේවය රටට බරක් වී ඇති බවට මුදල් ඇමැතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා ඒ බව කීය.

මෙරට රාජ්‍ය සේවය නියමයෙන් හෝ අනියමින් දියකර හැරීමට ආණ්ඩුව සූදානම් වන බවට එම ප්‍රකාශයෙන් පැහැදිලි වන බවද විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි. එකිනෙකට නොගැළපෙන විකාරසහගත ප්‍රතිපත්ති හේතුවෙන් රාජ්‍ය සේවය බරක් කරගෙන ඇත්තේ ආණ්ඩුවම බවද විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

0 comment
0

Related Posts

Leave a Comment