Home උණුසුම් පුවත් අහස දිනන්න යන සාරා

අහස දිනන්න යන සාරා

by Hela news

වයස අවු. 19ක තරුණියක් පිහිටුවීමට සැරසෙන ලෝක වාර්තාව

19 හැවිරිදි තරුණියක වන සාරා රදර්ෆර්ඩ් මේ දිනවල මාධ්‍ය තුළ විශාල අවධානයක් දිනාගෙන සිටින්නියකි. ඒ ඇය ලෝක වාර්තාවක් පිහිටුවීමට සැරසෙමින් සිටින නිසාය. ඇය මේ ආකාරයෙන් වාර්තාවක් පිහිටුවීමට සූදානම් වන්නේ තනිවම සැහැල්ලු ගුවන්යානයකින් ලොව වටා ගමන් කළ ළබාලම කාන්තාව වශයෙනි.

ඇය මෙම වික්‍රමය කිරීමට යන්නේ පාසල් අධ්‍යාපනය අවසන් කර විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් සිටින අතරය. කි.මී. 51,000ක් (සැතපුම් 32,000ක්) දුර ගෙවා යන මෙම ගමන අරඹමින් සාරා පසුගියදා ඇයගේ මව්රට වන බෙල්ජියමෙන් පිටත් වූ අතර මාස තුනක කාලයක් තිස්සේ ඇය මේ අභියෝගාත්මක සහ අනතුරුදායක ගමනේ නිරත වනු ඇත.

මෙම චාරිකාව තුළ දී ඇය මහාද්වීප පහේ රටවල් 52ක් හරහා ගමන් කිරීමට නියමිතය. ඉමක් නොපෙනෙන සාගරවලට ඉහළින් මෙන්ම හිමෙන් වැසී ගිය ඉසව් ඔස්සේද ඇයට ගමන් කිරීමට සිදු වේ. මෙවැනි පාළු ඉසව්වකදී යම් අනතුරක් සිදුවුවහොත් මුහුණ දීමට සිදුවන අභියෝග ගැනද ඇය සඳහන් කර තිබුණාය. තමා තුළ යම් මානසික නොසන්සුන් බවක් ඇතත්, මෙම අභියෝගය සාර්ථකව ජය ගැනීම සඳහා විශාල ආශාවක් ඇති බව සාරා පවසයි.

ඇය තවදුරටත් පවසන්නේ මෙය කුඩා කාලයේ පටන්ම තමා තුළ වූ සිහිනයක් බවයි. සාරාගේ මව්පියන් දෙදෙනාම ගුවන් නියමුවන් බවද සඳහන් වේ. ඇය ගුවන් යානා පැදවීමට ඉගෙන ගෙන ඇත්තේ වයස අවුරුදු 14 සිටයි. තනිවම ගුවන් යානයකින් ලොව වටා ගමන් කළ ළාබාලම කාන්තාව යන වාර්තාවට මේ වනවිට හිමිකම් කියන්නේ ෂායෙස්තා වයිස් නමැති ඇමරිකානු කාන්තාවකි. ඇය එම වාර්තාව පිහිටුවූයේ 2017 වසරේයි. ඒ වනවිට ඇයගේ වයස අවුරුදු 30ක් විය.

0 comment
0

Related Posts

Leave a Comment