Home උණුසුම් පුවත් අවු: 20-30 අතර අයට එන්නත්කරණය ඇරඹුවා – සෞඛ්‍ය ඇමැති

අවු: 20-30 අතර අයට එන්නත්කරණය ඇරඹුවා – සෞඛ්‍ය ඇමැති

by Hela news

මෙරට වයස අවුරුදු 20ට වැඩි 30ට අඩු පිරිස් සඳහා වන එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කෙරේ.

වයස අවුරුදු 20 -30 අතර තරුණ තරුණියන් මිලියන 3.7ක පමණ පිරිසක් එන්නත්කරණය සඳහා සිටින අතර, එම එන්නත්කරණ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කරන ලෙසට සෞඛ්‍ය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අදාළ නිලධාරීන්ට ඊයේ උපදෙස් දුන්නේය.

එළඹෙන සති දෙක තුන අවසන් වීමට පෙර වයස අවුරුදු 30 ඉක්ම වූ සියලු පිරිස් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමට හැකි වනු ඇතැයිද ඔක්තෝම්බර් අවසානයට පෙර අවුරුදු 20 ඉක්ම වූ පුරවැසියන් සඳහා වන එන්නත්කරණය අවසන් කිරීමට හැකි වනු ඇතැයිද ඇමැතිවරයා සඳහන් කළේය.

ඇමැතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු එහි සාමාජික සාමාජිකාවන් පිරිසක් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.

0 comment
0

Related Posts

Leave a Comment