Home උණුසුම් පුවත් අවුරුදු 60ට වැඩි 100%ක් 30ට වැඩි 98%ක් එන්නත අරගෙන

අවුරුදු 60ට වැඩි 100%ක් 30ට වැඩි 98%ක් එන්නත අරගෙන

by Hela news

මේ වන විට වයස අවුරුදු 60ට වැඩි ජනගහනයෙන් සියයට 100ක් සහ 30ට වැඩි ජනගහනයෙන් සියයට 98ක් එන්නත ගෙන ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (8) පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී අනාවරණය විය.

වයස් කාණ්ඩය 20 – 30 අතර එන්නත ලබා නොගත් පිරිස කඩිනමින් එන්නත්කරණයට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා එහිදී උපදෙස් දුන්නේය.

කොවිඩ් මර්දන විශේෂ කමිටුව සමඟ ඊයේ (8) වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති රැස්වීමේදී ජනාධිපතිවරයා එසේ සඳහන් කළේය. වයස 12 – 19 අතර වයස් කාණ්ඩයේ සංජනනීය දරුවන් දසදහසකට අධික පිරිසකට මේ වන විට එන්නත දී තිබේ. දිවයිනේ සියලු රෝහල් සායනවලදී එම කටයුතු අඛණ්ඩව කෙරෙන බවත් පළාත් වෛද්‍ය අධ්‍යක්ෂවරු සඳහන් කළහ.

0 comment
0

Related Posts

Leave a Comment