Home දේශීය පුවත් අවුරුදු 20ට වැඩි මිලියන 14.5ක් වූ පිරිසට එන්නත් මාත්‍රා මිලියන 31ක් ගෙනාවා – විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ

අවුරුදු 20ට වැඩි මිලියන 14.5ක් වූ පිරිසට එන්නත් මාත්‍රා මිලියන 31ක් ගෙනාවා – විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ

by Hela news

මෙරට සිටින වයස අවුරුදු 20ට වැඩි මිලියන 14.5ක ජනගහනය එන්නත්කරණයට අවශ්‍ය මාත්‍රා මිලියන 31ක් ගෙනැවිත් ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා ප්‍රකාශ කළේය.

කිසිදු හිඟයකින් තොරව අවුරුදු 20ට වැඩි ජනතාවට අවශ්‍ය එන්නත් ප්‍රමාණවත් ලෙස තිබෙන බවද ඒ මහතා පැවැසුවේය. විශේෂයෙන්ම අවුරුදු 20ත් 29ත් අතර ජනතාව මිලියන 3.3ක් මෙරට සිටින අතර ඉන් මිලියන 1.5ක ජනතාවක් කොවිඩ් මර්දන එන්නත ගෙන ඇති බවත් හෙතෙම කීය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (29) පැවැසුවේය.

තරුණ ප්‍රජාවට අවශ්‍ය කොවිඩ් මර්දන එන්නත් ප්‍රමාණවත් ලෙස තිබෙන බවත් කිසිදු පැකිළීමකින් තොරව එන්නත ගැනීමට පියවර ගන්නැයි කීවේය. එන්නත ගැනීමෙන් වදභාවය හෝ වෙනත් දෙයක් ඇති වන බවට පවතින මතය අසත්‍ය යැයිද ගිනිගේ මහතා ප්‍රකාශ කළේය. රට යෑමට බලාපොරොත්තුවෙන් සිටින තරුණයන්ද ඕනෑම කොවිඩ් මර්දන එන්නතක් ගැනීමට පසුබට නොවිය යුතු බවත්, එන්නතක් ලබාගෙන හෝ නොගෙන ඕනෑම රටකට ඇතුළු වීමට අවසර ඇති බවත් ඔහු පැවැසුවේය.

0 comment
0

Related Posts

Leave a Comment