Home විදෙස් පුවත් අල් කයිඩා සාමාජිකයෝ සරණාගතයන් සමඟ යුරෝපයට පනින උත්සාහයක

අල් කයිඩා සාමාජිකයෝ සරණාගතයන් සමඟ යුරෝපයට පනින උත්සාහයක

by Hela news

දකුණුදිග ජර්මනියේ අමෙරිකාවට අයත් ගුවන් හමුදා කඳවුරක රැඳී සිටින තිස් දහසකට ආසන්න ඇෆ්ගනිස්තාන සරණාගතයන්ගෙන් 200ක පමණ පිරිසක් අවදානම් තත්ත්වයක් සහිත පුද්ගලයන් ලෙස සැක කරන බවත්, ඔවුන් ‘රතු’ ලේබලය යටතේ වෙනම පරීක්ෂණයකට භාජනය කරමින් සිටින බවත් ජර්මානු හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් මාක් මිලේ ප්‍රකාශ කර ඇතැයි ‘ස්පුට්නික්’ පුවත් සේවය වාර්තා කළේය.

ඇෆ්ගනිස්තාන සරණාගතයන් සමඟ අල් කයිඩා සහ එරට සෙසු ත්‍රස්ත සංවිධානවල සාමාජිකයන් රැඳී සිටින බවට ජර්මානු බුද්ධි අංශය සැක කරන අතර, ඔවුන් සරණාගතයන් සමඟ යුරෝපයට ඇතුළු වීමේ අවදානමක් මතු වී ඇතැයි කියවේ.

කෙසේ වෙතත් කාබුල් නුවරින් ගුවන්ගත වීමට පෙර එරට වැසියන්ගේ පසුබිම පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට යුරෝපය සහ උතුරු අමෙරිකාවේ රටවල් රැසක් පියවර ගෙන තිබිණි. එහෙත් දකුණුදිග ජර්මනියේ අමෙරිකා ගුවන් හමුදා කඳවුරේ සිට සෙසු රටවලට යැවීමට පෙර ඔවුන් දෙවැනි වරටත් පරීක්ෂා කිරීමේදී එසේ සැක කටයුතු පුද්ගලයන් සිටින බව හඳුනා ගෙන ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

0 comment
0

Related Posts

Leave a Comment