Home උණුසුම් පුවත් අලව්වේ දෙමහල් නිවසක පිපිරීමක්.

අලව්වේ දෙමහල් නිවසක පිපිරීමක්.

by Hela news

අලව්ව පන්ගොල්ල ප්‍රදේශයේදී අද උදෑසන 9.30ට පමණ නිවසක පිපිරීමක් සිදුව තිබේ.

අදාළ පිපිරීම පන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි දෙමහල් නිවසක සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

පිපිරීම හේතුවෙන් කාන්තාවන් දෙදෙනෙක් තුවාල ලබා අලව්ව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

පිපිරීමත් සමඟ අදාළ නිවසට බරපතළ හානි සිදුව තිබේ.

මෙම පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර නිවසේ හිමිකරු මීට පෙර ගල්වලක් පවත්වාගෙන ගොස් ඇති බව වාර්තා විය.

බෝයවලාන පොලිසිය පිපිරීම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

0 comment
0

Related Posts

Leave a Comment