Home දේශීය පුවත් අර්බුද ගැන සාකච්ජා නොකිරීම කනගාටුවට කරුණක් – ඩිව් ගුණසේකර

අර්බුද ගැන සාකච්ජා නොකිරීම කනගාටුවට කරුණක් – ඩිව් ගුණසේකර

by Hela news

අපි මුහුණදී තිබෙන අර්බුදය පිළිබඳ කිසිම සාකච්ඡාවක් නොමැතිකම කනගාටුවට කරුණක් බවත්, මේ අර්බුදය ගැන වමේ නායකයන් ලෙස අප පෙන්වා දෙන විට ඇහුම්කන් නොදීමේ ප්‍රතිඵල අද මුළු මහත් ජනතාවටම අත්විඳින්න සිදු වෙලා තිබෙන බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ඉකුත්දා බොරැල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ සූගීෂ්වර ශාලාවේ පැවති ‘ත්‍රිත්ව අර්බුදය සහ ජනතා අයවැයක අවශ්‍යතාව’ මැයෙන් පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද කීය.

“පූර්ව අයවැය පිළිබඳ ඉස්සර සාකච්ඡා පැවැත්වූයේ වානිජ මණ්ඩල ව්‍යාපාරික ප්‍රජාව වැනි අය. තව දින කිහිපයකින් අපේ රටේ තවත් අයවැයක් ඉදිරිපත් වෙනවා. අපි මුහුණ දෙන අර්බුදය නිදහසින් පස්සේ කවරදාකවත් කිසිම ආණ්ඩුවක් මුහුණ නොදුන් ප්‍රබල සංකීර්ණ තීරණාත්මක අර්බුදයක්. මේ නිසාම තමයි කොවිඩ් දෙවැනි රැල්ල ආ වෙලාවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් තිබුණා, ජනාධිපති කාර්යාලයේ. මම ජනාධිපතිවරයාට කිව්වා, මේ කොවිඩ් අර්බුදයට වඩා බරපතළ අර්බුදයක් තමයි ආර්ථික අර්බුදය කියලා. ගෝලීය අර්බුදය බලපෑමත් එනවා. මේ තුනම එකට වෙළිලා තිබෙන්නේ. මේක බරපතළ තත්ත්වයක්. පළමු කාරණාව ඔබතුමාට හැට නව ලක්ෂයක් ඡන්දය දුන්නා. මේ අර්බුදය කොයි ආකාරයට කුමන දිසාවට ගමන් කරයි ද කියන්න බෑ. ප්‍රථමයෙන්ම මේ අර්බුදයේ ස්වාභාවය පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම වැදගත්. එවිට හැට නව ලක්ෂයෙන් භාගයක්වත් ආණ්ඩුවත් එක්ක සිටියි.”

0 comment
0

Related Posts

Leave a Comment