Home දේශීය පුවත් අය-වැයට සහාය දීමේ තීරණය මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මෛත්‍රී කියයි

අය-වැයට සහාය දීමේ තීරණය මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු මෛත්‍රී කියයි

by Hela news

අය-වැයට සහාය දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්ව සාකච්ඡා කිරීමෙන් පසු තීරණය කරන බව හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. ඒ සම්බන්ධව තමන්ට තනිව ප්‍රකාශයක් කළ නොහැකි බවත්, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන පක්ෂයක් ලෙස මධ්‍යම කාරක සභාව රැස්ව ගන්නා තීරණය ක්‍රියාත්මක කරන බවත් ඒ මහතා කීවේය.

මහනුවර පේරාදෙණියේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පෙරේදා (13) හිටපු ජනපතිවරයා මේ බව ප්‍රකාශ කළේය. ජනතාවට සහනයක් ලැබෙන්නේ නම් තම ජනපති විශ්‍රාම වැටුප කප්පාදු වූවාට ගැටලුවක් නැතැයිද ඒ මහතා කීවේය. ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරුන් දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැඩි විවේචන එල්ල කිරීම සම්බන්ධයෙන්ධයෙන් අදහස් දැක්වූ හිටපු ජනපතිවරයා ඒ සම්බන්ධයෙන්ද මධ්‍යම කාරක සභාව රැස් වී සාකච්ඡා කරන බව ප්‍රකාශ කළේය.

0 comment
0

Related Posts

Leave a Comment