Home ව්‍යාපාර පුවත් අයදින සුසුමට සවිය වෙමු

අයදින සුසුමට සවිය වෙමු

by Hela news

දිනෙන් දින ශ්‍රී ලාංකීය ‌සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අර්බුද රැසක් නිර්මාණය කරමින්, සමස්ත සමාජයම කොවිඩ් වයිරස භීතිකාවකින් වෙලී ඇති පසුබිමක අප සෑම අයකු සමීපවම කොවිඩ් ආසිදිතයකු සිටීමේ සම්භාවිතාවක් නිර්මාණය වී ඇත. මේ නිසාම අපගේ ආරක්ෂාව තහවුරු කර ගනිමින් අපගේ සමීපතමන් වෙත වගේම සමස්ත මානව ප්‍රජාව වෙත සේවය කිරීමේ අවශ්‍යතාවය පෙරට වඩා දැඩිව අවශ්‍ය වී ඇත. මෙහිදී ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිතයේ තීරණාත්මක අවස්ථා වලදී නොබියව පෙරට එමින්, අවැසි අවස්ථාවන් වලදී අත්‍යවශ්‍යම කාර්යයන් උපරිම අයුරින් ක්‍රියාත්මක කිරීමේ හුරුව වගේම සම්ප්‍රදාය ඇති ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා සමාගම, ජීවත්වීමට සුසුම් පොදක් අපේක්ෂාවෙන් ගිලන් ඇඳ මත සිටින සුවහසක් ලාංකීකයන් වෙනුවෙන් සිය සමාජ මෙහෙවර ඉටුකිරීමට පෙරට ඒ්ම සුවිශේෂි කරුණකි.

වසර ගණානවක් පුරා දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්ධනය උදෙසා හෝමාගම හා මීගමුව යන රෝහල්වල දැඩි සත්කාර ඒකක නිර්මාණය කිරීම වගේම කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සිය දිවිය පරදුවට තබමින් රෝගීන් වෙනුවෙන් කැපවුණු දිවයින පුරා පිහිටි රෝහල් 34 කට අධික ප්‍රමාණයක කාර්යමණ්ඩලය වෙත සිය දෛනික කාර්යභාරයන් බාධාවකින් තොරව පවත්වාගෙන යමින් රෝගීන්ට වඩා ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා අත්‍යවශ්‍ය උපකරණ සහ පහසුකම් ලබාදීම වැනි කාලීන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ ඩයලොග් සමාගම, එම මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙන යමින් ජීවත් වීමට ඔක්සිජන් වායු අංශුවක් අයැදින අය වෙනුවෙන් සිය මැදිහත් කාර්යය සැපයීමට ඉදිරිපත්ව ඇත.

0 comment
0

Related Posts

Leave a Comment