Home විදෙස් පුවත් අමෙරිකාව සංචාරකයන්ට විවෘතයි

අමෙරිකාව සංචාරකයන්ට විවෘතයි

by Hela news

මාස 20ක් තිස්සේ පනවා තිබූ තහනම ඉවත් කරමින් කොවිඩ් මර්දන පූර්ණ එන්නත්කරණයට ලක් වූ සංචාරකයන්ට අමෙරිකාව දේශසීමා විවෘත කර තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් මේ තහනම පනවනු ලැබුවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනි. රටවල් 30ක අමෙරිකා නොවන පුරවැසියන් සඳහා මේ විවෘත කිරීම බලපාන අතර, ඊට එක්සත් රාජධානිය සහ යුරෝපා සංගමයේ රටවල් ඇතුළත්ය. පූර්ණ එන්නත්කරණයට ලක් වී සිටින සංචාරකයන්ට සීමා ලිහිල් කිරීමෙන් ගුවන් සේවාවන් මඟීන්ගෙන් පිරී යනු ඇතැයි අපේක්ෂා කෙරේ. සංචාරක සමාගම් පවසන්නේ සංචාර සිදු කිරීමේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බවයි. කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා 2020 දී චීනයේ සිට පැමිණෙන සංචාරකයන්ට තහනම ක්‍රියාත්මක කළ අතර, පසුව සෙසු රටවල්වලට එය ව්‍යාප්ත කර තිබිණි.

0 comment
0

Related Posts

Leave a Comment