Home ක්‍රීඩා පුවත් අමෙරිකානු ශූරතාවලියෙන් නඩාල් හැලෙයි

අමෙරිකානු ශූරතාවලියෙන් නඩාල් හැලෙයි

by Hela news

මේ 30 වැනිදා ආරම්භ වීමට නියමිත වසරේ අවසන් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවලිය වන අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියට එක් වීමේ අවස්ථාව ස්පාඤ්ඤයේ රෆායල් නාඩල්ට අහිමි වෙයි.

පාදයේ ආබාධයක් හේතුවෙන් මේ ශූරතාවලිය අහිමි වන 35 හැවිරිදි නඩාල් මින් පෙර සිව්වරක් අමෙරිකානු ශූරයා බවට පත්ව තිබේ. මේ ආබාධය හේතුවෙන් නඩාල්ට කැනේඩියානු විවෘත ටෙනිස් තරගාවලිය ද අහිමි වූ අතර, ඔහු පවසන්නේ වසරක් පුරා මේ ආබාධය හේතුවෙන් දුක් විඳින බවත්, එය පූර්ණ සුව වීමට යම් කාලයක් ගත වන බැවින් ගත හැකි හොඳම පියවර තරග බිමෙන් ටික කාලයක් ඈත්ව සිටීම බවත්ය.

මින් පෙර පැවැති විම්බල්ඩන් තරගාවලියට මෙන්ම ටෝකියෝ ඔලිම්පික් උලෙළට ද එක් නොවීමට නඩාල් තීරණය කර තිබුණේ තමාට විවේකයක් අවශ්‍ය බව පවසමිනි.

මේ අතර, අමෙරිකානු ප්‍රවීණ ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් ද ⁣මේ ශූරතාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. දකුණ පාදයේ ඇති වූ ආබාධයක් මීට හේතුව වී ඇති අතර, මේ වන විට ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතා 23ක් දිනා සිටින සෙරීනාට ලෝක වාර්තාව සම කිරීම සඳහා තවත් අවශ්‍යව ඇත්තේ එක් ශූරතාවක් පමණි.

මේ 30 දා ආරම්භ වන අමෙරිකානු ශූරතාවලිය ලබන මස 12 වැනිදා නිමාවට පත් වීමට නියමිතය.

0 comment
0

Related Posts

Leave a Comment