Home විදෙස් පුවත් අමෙරිකානු යුද නෞකාවල අනුරූ ගොඩනගිමින් චීනය සැරසෙන්නේ කුමකට ද

අමෙරිකානු යුද නෞකාවල අනුරූ ගොඩනගිමින් චීනය සැරසෙන්නේ කුමකට ද

by Hela news

චීනය විසින් අමෙරිකානු යුද නෞකාවල අනුරූ ගොඩනගිමින් සිටින බවට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් ඡායාරූපවලින් අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වයඹදිග චීනයේ ෂින්ජියෑන් කලාපයේ කාන්තාර ප්‍රදේශයක අමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සම්පූර්ණ පරිමාණයේ අනුරුවක් සකස් කරමින් පවතින බව වාර්තා වෙයි.

අමෙරිකානු චන්ද්‍රිකා තාක්ෂණ ආයතනයක් විසින් අනාවරණය කර ඇති ආකාරයට අදාළ ප්‍රදේශය දිගින් දිගටම බැලැස්ටික් මිසයිල අත්හදාබැලීම සඳහා යොදාගෙන ඇති බව අනාවරණය විය.

අමෙරිකානු යුද නෞකාවලට පහරදීම සඳහා පුහුණුවීම්වලට අදාළව එම නෞකා අනුරූ නිර්මාණය කර ඇති බවට විශේෂඥයින් මත පළකරයි.

0 comment
0

Related Posts

Leave a Comment