Home ව්‍යාපාර පුවත් අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම අඛණ්ඩ වර්ධනයක් වාර්තා කරයි

අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම අඛණ්ඩ වර්ධනයක් වාර්තා කරයි

by Hela news

රක්ෂණ ක්ෂේත්‍රයේ සැලකිය යුතු සාමාන්‍යයක් පවත්වා ගනිමින් පූර්ණ ශ්‍රී ලාංකික රක්ෂණ සමාගමක් වන අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම 2021 වසරේ දෙවැනි කාර්තුවේදී ද සමස්ත සාමාන්‍ය රක්ෂණ විකිණුම්හි 18%ක වර්ධනයක් වාර්තා කරමින් 2021 පළමු කාර්තුවේ වාර්තාගත කාර්ය සාධනය දෙවැනි කාර්තුව තුළදීත් සාර්ථකව පවත්වා ගෙන ගිය බව සමාගම නිවේදනය කරයි. වසරින් වසර විකුණුම් වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රබලම සාමාන්‍ය රක්ෂණ සමාගම් 10 අතර ඉහළම දෙවැනි කාර්තුවේ වර්ධන වේගය සනිටුහන් කිරීම අමානා තකාෆුල් රක්ෂණ සමාගම ලැබූ සුවිශේෂි ජයග්‍රහණයකි.

අමානා තකාෆුල් රක්‍ෂණ සමාගමේ මූලෝපාය ප්‍රධානි රාජිත ඔබේසේකර මහතා දෙවැනි කාර්තුවේ කාර්ය සාධනය පිළිබඳ විස්තර කරමින් මෙසේ පැවසීය. “2021 පළමු කාර්තුවේදී 27% ක ශක්තිමත් වර්ධනයක් සමඟ අමානා තකාෆුල් රක්‍ෂණ සමාගම සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර තිබෙනවා. දෙවැනි කාර්තුවෙහි 18% ක අඛණ්ඩ විකුණුම් වර්ධනයක්ද පෙන්නුම් කිරීමේ සැලකිය යුතු කරුණක්. ජාතික මට්ටමින් ගත් කල කොවිඩ් වසංගත තත්ත්වය නිසා ඇති වූ දුෂ්කරතා හේතුවෙන් සාමාන්‍ය රක්‍ෂණ වෙළෙඳපොළ පහත වැටෙමින් තිබෙනවා. ඒ අනුව බැලීමේදී ඇත්තෙන්ම මෙය සමාගම ලැබූ ද්විත්ව ජයග්‍රහණයක්.

පහත වැටෙන කාල පරිච්ඡේදයක් තුළ අඛණ්ඩව අප සමාගම වර්ධනය වූවා පමණක් නොව, නව සාමාන්‍ය සාර්ව ආර්ථික පීඩනයන් මෙන්ම ජනතාව විසින් රක්‍ෂණයට ප්‍රමුඛතාවය දීම බැහැර කරන කාලයක එම පීඩනයට ද සාර්ථකව මුහුණ දීමට අපට හැකි වී තිබෙනවා. පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය සහ අපගේ සේවාදායකයින් වඩාත් අපේක්ෂාවෙන් සිටින රක්‍ෂණ විසඳුම් දීමට හැකිවීම මේ ද්විත්ව ජයග්‍රහණයට හේතුව ලෙස විශ්වාස කරනවා.”

0 comment
0

Related Posts

Leave a Comment