Home විදෙස් පුවත් අප්‍රිකාව උග්‍ර එන්නත් හිඟයක

අප්‍රිකාව උග්‍ර එන්නත් හිඟයක

by Hela news

කොවිඩ් ගෝලීය වසංගතය අවසන් බව සිතා අපරික්ෂාකාරීව කටයුතු කිරීම වරදක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම්වරයා අවධාරණය කරයි.

ලොව පුරා මිලියන 5 ඉක්මවූ පිරිසකගේ ජීවිත අහිමි කළ කොවිඩ් ගෝලීය වසංගතය පාලනය සඳහා එන්නත් සාධාරණව බෙදාදීමට උත්සුකවන ලෙස ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටී.

ලොව ධනවත් හා මැදි ආදායම් රටවල් අමතර එන්නත් මාත්‍රාවක් සඳහා යොමුවෙමින් පවතින පසුබිමක අප්‍රිකානු කලාපය උග්‍ර එන්නත් හිඟයකින් පීඩා විඳින බව ද ජගත් ප්‍රධානිය පවසයි.

නවතම දත්තවලට අනුව තවමත් පූර්ණ කොවිඩ් එන්නත්කරණයට ලක්ව ඇත්තේ සමස්ත අප්‍රිකානු ප්‍රජාවෙන් 5%ක් පමණි.

වසංගතය දැන් අවසන්ව ඇතැයි සිතීම වරදක් බව පෙන්වාදෙන ගුටරෙස්, මුඛ ආවරණ භාවිතය හා සමාජ දුරස්ථකරණය වැනි සමාජ සීමා තවදුරටත් දිරිමත් කළේය.

0 comment
0

Related Posts

Leave a Comment