Home ව්‍යාපාර පුවත් අනුරපුරට රොසෙල් නව සංකල්ප මන්දිරයක්

අනුරපුරට රොසෙල් නව සංකල්ප මන්දිරයක්

by Hela news

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ටයිල්, බාත්වෙයා සහ උපාංග නිපැයුම්කරු වන රොසෙල් සාඩම්බර ජීවන රටාවකට නව අත්දැකීමක් මුසු කරමින් ඔවුන්ගේ නවතම සංකල්ප මන්දිරය පසුගියදා අනුරාධපුර නගරයේදී විවෘත කෙරිණ.

ඓතිහාසික අනුරාධපුර නගරයේ, මෛත්‍රීපාල සේනානායක මාවතේ පිහිටා ඇති මේ සුවිශේෂි සංකල්ප මන්දිරය නූතන සහ අංග සම්පූර්ණ ටයිල් බාත්වෙයා සහ උපාංග පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කෙරේ. ඒ අනුව අනුරාධපුරයේදී විවෘත කළ මේ නවතම සංකල්ප මන්දිරය රොසෙල්හි 74 වැනි ප්‍රදර්ශනාගාරයද වේ.

වර්ග අඩි 5,000කට වැඩි මේ අද්විතීය සංකල්ප මන්දිරය 800කට අධික විවිධ සංකල්පයන්ගෙන් සමන්විත ටයිල්, බාත්වෙයා සහ උපාංග ප්‍රදර්ශනය කරමින් සාම්ප්‍රදායික ටයිල් සහ බාත්වෙයා අත්දැකීම නව මට්ටමකට ගෙන ඒම අරමුණු කරයි.

රොසෙල්හි අලෙවි සහ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ තරණ තෝරදෙණිය මහතා මෙසේ අදහස් දැක්වීය. ‘‘ඓතිහාසික අනුරාධපුර නගරයේදී අපගේ නවතම ටයිල්, බාත්වෙයා සහ උපාංග සංකල්ප මන්දිරය විවෘත කිරීමත් සමඟ අපගේ දීපව්‍යාප්ත ප්‍රදර්ශනාගාර ජාලය පුළුල් කිරීමට ලැබීම ගෞරවයක්. මේ රොසෙල් සංකල්ප මන්දිර හරහා ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ඉහළම ගෝලීය ප්‍රමිතීන් සහතික කරමින් පාරිභෝගිකයාට උසස්ම තත්ත්වයේ නිෂ්පාදන දීම අපගේ අරමුණයි”.

ශ්‍රී ලාංකීය නාමය ගෝලීය තලයට රැගෙන යන රොසෙල් සෑම නිෂ්පාදනයක්ම ඉතා සැලසුම්ගතව ඉහළ ගුණාත්මක බවින් නවෝත්පාදනය සංකලනය කරමින් පාරිභෝගිකයා වෙත දීම අරමුණු කරයි. දීප ව්‍යාප්ත ඕනෑම රොසෙල් සංකල්ප මන්දිරයක් වෙත පැමිණ නූතන සහ අංග සම්පූර්ණ ටයිල් බාත්වෙයා සහ උපාංග මිලදී ගැනීමට අවස්ථාව දැන් පාරිභෝගිකයන්ට හිමි වේ.

0 comment
0

Related Posts

Leave a Comment