Home ගොසිප් පුවත් අනිවාර්යයි ස්ථිරයි මම මේ රටින් යනවා

අනිවාර්යයි ස්ථිරයි මම මේ රටින් යනවා

by Hela news

අනිවාර්යයි ස්ථිරයි මම මේ රටින් යනවා

ටෙලි නාට්‍ය කියන්නේ මහ දුකක්

මෙගාවල නම් රඟපාන්නේ නැහැ

කලකිරීමක් නෙමේ තියෙන්නේ පවතින්න අමාරු කමක්

දසුන් කියන්නේ සිනමාවේ වගේම පුංචි තිරයේදීත් සම්මානීය වූ දක්ෂ නළුවෙක්. මේ දිනවල නම් දසුන්ව අපිට ටෙලි නිර්මාණ තුළින් දකින්නේ ලැබෙන්නේ නැහැ. වසංගත කාලය නිසාම ගෙදරට වෙලා ආදරණිය බිරිඳ හංසි දිසානායක සහ දියණියන් දෙදෙනා එක්ක කාලය ගත කරන දසුන් සමග කතා කරන්න හිතුවා. කලාව ගැන වගේම පෞද්ගලික ජීවිතේ ගැන අලුත්ම තොරතුරු දැන ගන්නට.

පසුගිය දවසක ආදරණීය බිරිඳ හංසිගේ උපන් දිනයට ඇයව පුදුම කරා නේද?

ස්ට්‍රෝබේරි ගොඩාක් තියෙන රසවත් කේක් එකක් දුන්නා. ඒකට ඇය පුදුම වුණා. ඒක මගේ යාළුවෙක්ට කියලා හදාගත්ත හෑන්ඩ්මේක් කේක් එකක්. මේ කාලයේ ඉතින් ගෙදරම අය එක්ක තමා කාලය ගතවෙන්නේ.

මේ කාලයේ නිර්මාණ ගැන කතා කරොත්

භාර ගත්ත වැඩ ටික අතරමගදී නතර වුණා. ඊට පස්සේ පටන් ගන්න කියලා හිතන් හිටිය වැඩේ පටන් ගන්න බැරි වුණා. කරපු සිනමා නිර්මාණ තුනක් එන්න තියෙනවා. ඒවත් කවදා දැකගන්න ලැබෙයිද දන්නේ නැහැ. ඒ නිසා බලාගෙන ඉන්නවා.

අපි මතක් කරමු එන්න තියෙන නිර්මාණ ගැන

මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතාගේ “සහෝ” අරුණ ජයවර්ධනගේ “මාරියා” සහ සුදේශ් වසන්ත පිරිස්ගේ “සීරුවෙන් ඉන්න”

එතකොට පුංචි තිරයේ

පුංචි තිරයේ අපේ කට්ටිය කොරෝනා එක්ක පොසිටිව් වීමත් එක්ක රූ ගත කිරීම් අතරමග නතර වුණු නිර්මාණ දෙක තමා එන්න තියෙන්නේ. ඒ ඉන්දික ධර්මතිලකගේ “යාදින්නි” සහ සුපුන් රත්නායකගේ අලුත් ටෙලි නිර්මාණය.

මේ වසංගත කාලය දකින්නේ කොහොමද?

ලංකාවේ මේ වගේ පැන්ඩමික් එකක් ආවම මුලින්ම කෙළ වෙන්නේ ආටිස්ලට. එ නිසා දැන් මම තීරණය කරලා තියෙන්නේ විදෙස් ගත වෙන්න.

එතකොට අමාරුවෙන් හදාගත්ත දසුන් පතිරණ කියන නළුවට මොකද වෙන්නේ

මම කොහොමත් අවුරුද්දට එක නිර්මාණයක් හෝ දෙකක් භාර ගත්තේ. ලැබෙන හැම නිර්මාණයක්ම හෝ මෙගා කියන රැල්ලේ නිර්මාණවලට මම කොහොමත් දායක වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා ලංකාවේ ඉන්නවට වඩා එළියට ගිහිල්ලා ඉන්න එක හොඳයි කියලා. නැත්නම් නළුවෙක් විදියට පවතින්න බෑ. මොකද දේශපාලන වශයෙන්වත් නාළිකා වලින්වත් නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ.

නිර්මාණයක් කරත් සාධාරණ මුදලක් ලැබෙන්නෙත් නැහැ. යූ-ටියුබ්වලින් නාළිකා බොහොමයක් උපයනවා අඩුම තරමේ එහි කොටසක්වත් අපිට ලැබෙන්නේ නැහැ. වර්තමාන ටෙලි නාට්‍ය කියන්නෙම් මහා දුකක්. ඒ නිසා ලංකාවෙන් ගිහිල්ලා හොඳට කාලා බීලා දරුවන් එක්ක සතුටින් හරි ඉන්න එක හරි වටින නිසා ලංකාවෙන් යන්න හිතුවේ.

කලකිරීමෙන් ද ඉන්නේ

කලකිරීමක් නෙවෙයි තියෙන්නේ පවතින්න අමාරු තත්ත්වයක්. මොකද දරු පවුලක් එක්ක ජීවත් වෙන්න ඕනේ. තනියම හිටිය නම් මොනවා හරි කරලා ජීවත් වෙන්න තිබ්බා. ඒත් ෆැමිලි එකක් නඩත්තු කරද්දී මම හම්බකරන්නේ නැතුව ගෙදර ඉන්න බෑනේ. මටත් හිතෙනවානේ පෞද්ගලිකව මම මොකක් ද මේ කරන්නේ කියන එක. එහෙම නැතුව ගෙදර මට ප්‍රශ්න මුකුත් නැහැ. ඉතා හොඳින් අපි ජීවත් වෙනවා. ලංකාවෙන් යන්න මම කවදාවත් හිතපු නැති මනුස්සයෙක්. මගේ බිරිඳට ස්වීඩනයේ පදිංචිය තියෙන නිසා මට ඕනේ වෙලාවක ලංකාවෙන් යන්න පුළුවන්කම තිබ්බ කෙනෙක්.

දැන් ස්ථාවර තීරණයක ද ඉන්නේ

අනිවාර්යෙන්ම ස්ථාවර තීරණයක ඉන්නේ රට යනවා කියන. මොකද ඒක මගේ දරුවන්ට හරි හොඳක් වෙයි.

කොහෙද යන්න හදන්නේ

ස්වීඩන්

කොයි කාලෙද?

ලබන අවුරුද්දේ අප්‍රේල් වගේ වෙද්දී.

ඒ වෙද්දී රටේ වාතාවරණය වෙනස් වෙලා තිබ්බොත්

ඔයා හිතනවද මේ රටේ වාතාවරණය වෙනස් වෙයි කියලා. ලංකාවේ තියෙන තත්ත්වය එක්ක පැන්ඩමික් එක ආවත් නාවත් කෙළවෙනවා. ලංකාවේ ඉන්න දේශපාලනඥයන් මේ රට හුරාගෙන කාලා මිනිසුන්ට වෙච්ච දෙයක් නැහැනේ. පාරට පොඩ්ඩක් බැහැලා බලන්නකෝ ගෑස් මිල කිරිපිටි මිල උහුලා ගන්න බැරිව මිනිස්සු කොච්චර අඬනවද කියලා. කොහොමද ජීවත් වෙන්නේ මිනිස්සු. එහෙම ඉන්න අයට අපිට කියන්න පුළුවන් ද සල්ලි දීලා ෆිල්ම් එකක් බලන්න කියලා.

එහෙනම් ඉතින් හැම ටෙලි නිර්මාණයකටම දායක වෙන්න ඕනේ. මට එහෙම නිර්මාණ කරන්න බෑ. එතකොට යන්න වෙන්නේ මෙගාවලට විතරයි. මමත් ලංකාවේ හිටියොත් මටත් පවතින්න මෙගාවලට පවා යන්න වෙනවා. මම මෙහෙම ඉන්නේ මගේ ගෙදර වටපිටාවෙන් පොඩි හරි සපෝර්ට් එකක් තියෙන නිසා. ලංකාවේ කලාකරුවෙක්ට මොකක් හරි වුණොත් බලන්න කිසි කෙනෙක් නැහැ. මැරුණොත් රුපියල් විසිපන්දාහක් දෙයි. ඔච්චර තමා ඉතින්.

එතකොට හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත්

මම රට යන්න කලින් හොඳ දෙයකට ආරාධනා ලැබුණොත් භාර ගන්නවා සහ මම භාර ගත්ත වසංගත තත්ත්වය හමුවේ අතරමග නතර වුණු නිර්මාණ ඉවර කරලා යන්නේ. ඒ එක්කම මම රට හිටියත් හොඳ සිනමා නිර්මාණයකට ආරාධනා ලැබුණොත් මම භාරගන්නවා. කොහොමත් මම ඉදිරියේදී ටෙලි නිර්මාණ භාර ගන්නේ නැහැ කියන තැන ඉන්නේ

0 comment
0

Related Posts

Leave a Comment